ලොහාන් සහ ජගත් කුමාරගේ ඉරණම පක්‍ෂ විනය මණ්ඩලය අතේ

335

බන්ධනාගාර කළමනාකරණ හා පුනරුත්ථාපනය කිරීම පිළිබඳ හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ හා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජගත් කුමාර මහත්වරුන් සම්බන්ධයෙන් පක්ෂ විනය මණ්ඩලය  රැස්වීමෙන් පසු තීරණයක් ගනු ඇතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ‘දිවයින’ට ඊයේ (20දා) පැවසීය.

පක්ෂ නායක අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පක්ෂ විනය මණ්ඩලය රැස්වී සාකච්ඡුා කර ඒ සම්බන්ධයෙන් කළයුත්තේ කුමක්ද යන්න තීරණය කෙරෙනු ඇතැයි ද පක්ෂ ලේකම්වරයා සඳහන් කළේය.

අනුරාධපුර හා වැලිකඩ බන්ධනාගාරවලට හිතුවතුන් කිහිප දෙනකු සමග ඇතුළු වී ඇති බවට හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතාට චෝදනා එල්ලවී ඇති අතර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජගත් කුමාර මහතාට කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකු විවේචනය කිරීමේ චෝදනාව එල්ලවී තිබේ.

අනුර බාලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment