මෙවැනි සුළු  සංශෝධනවලින්  ජාත්‍යන්තරය  රවටන්න බැහැ  

261

ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර විජිත හේරත් (ජාජබ)

එදා ජේ. ආර්. ජයවර්ධන ජනපතිවරයා මේ පනත ගෙන එද්දි කිසිම විරෝධතාවකට සවන් දුන්නේ නැහැ. ඒ කාලයේ කිසිම යුද්ධයක් තිබුණේ නැහැ. වසර 03 කට තාවකාලිකව පනත ගේනවා කිව්වා. හදිසියේම පාර්ලිමේන්තුවට ගෙනවිත් සම්මත කර ගත්තා.

මේ පනත මුළුමනින්ම අහෝසි කරන්න බල කළා. ඒත් ආණ්ඩුව ඊට බැහැ කිව්වා. ගිය වසරේ හදිසියේ සංශෝධනය කරන බව නාමල් රාජපක්ෂ ඇමැතිවරයා දැනුම් දුන්නා. ජාත්‍යන්තරය සතුටු කරන්න තමයි මේ සොච්චම් සංශෝධනයත් කරන්නේ. මිනිසුන්ගෙ අයිතිය ආරක්ෂා කරන්න නොවෙයි. ජී. එස්. පී. ප්ලස් අහෝසි කරයි කියලා බයට කළේ. සුළු සංශෝධන කීපයක් පමණයි කර තිබෙන්නේ. ඇමැතිවරයාට බලය පවරා තිබෙනවා.

මේ රටේ ප‍්‍රසිද්ධ නැති ගම්වල තරුණ තරුණියන් දහස් ගණනකට මේ පනතේ මර්දනය බලපෑවා. එදා උතුරේ තිලීපන්ටත් මේ මර්දනය බලපෑවා. ත‍්‍රස්තවාදයන්ට මෙහි කිසිම අර්ථකථනයක් නැහැ. මෙමගින් කරන්නේ රාජ්‍ය ත‍්‍රස්තවාදය වර්ධනය කිරීමයි.

යුරෝපා සංගමය මේ වගේ සංශෝධනවලින් රවටන්න බැහැ. ජාත්‍යන්තර ප‍්‍රජාව රවට්ටන්න පුළුවන් කියලා හිතනවා නම් එය මුලාවක්. පවතින ආණ්ඩුවට විරුද්ධව කතා කිරීම ත‍්‍රස්තවාදය ද විසම්මුතියට කිසිම ඉඩක් නැත.

advertistmentadvertistment
advertistmentadvertistment