ලෝකයේ හොඳම 18 ට තේරුණත් නේපාලයට යන්න සල්ලි නැතිව ‘රජා මං වහලා’ අසරණ වෙලා

364

රාජ්‍ය සම්මාන 10 ක් දිනූ 2019 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය කෘතිය වූ නාට්‍යවේදී චාමික හත්ලහවත්තගේ ‘රජා මං වහලා’ නාට්‍ය 2022 නේපාල අන්තර්ජාතික නාට්‍ය උළෙලට තෝරාගෙන ඇතත් ඔවුන්ට නේපාලයට යෑම සඳහා රාජ්‍ය හෝ පෞද්ගලික මූල්‍ය දායකත්වයක් සොයාගත නොහැකිව අසරණවී සිටිති.

ලෝකයේ නාට්‍ය 84 කින් හොඳම නාට්‍ය 18 සඳහා තේරී පත්ව ඇති මෙම නාට්‍ය එම උළෙලෙට සහභාගිවන කණ්ඩායමට ගුවන් ටිකට්පත් සඳහා රුපියල් ලක්‍ෂ 45 ක් පමණ වැයවනු ඇතැයි ගණන් බලා ඇත.

මෙම නාට්‍ය නොවැම්බර් 30 වැනිදා නේපාලයේ කන්මන්ඩු නුවර තියටර්හිදී ප්‍රදර්ශනය කිරීමට නියමිතය. මේ වනවිට ශ්‍රී ලංකා ධජය පෙන්වමින් ශ්‍රී ලංකාව උළෙලට සහභාගි වන බවට ප්‍රචාරයක් ගෙන යන බව ද නාට්‍යයේ අධ්‍යක්‍ෂ චාමික හත්ලහවත්ත මහතා ‘දිවයින’ ට පැවසීය.

සංස්කෘතික ඇමැතිවරයා ඇතුළු විවිධ කණ්ඩායම් වෙතින් මූල්‍ය දායකත්වයක් ඉල්ලා සිටියත් මේ වන තෙක් ඊට යහපත් ප්‍රතිචාර ලැබී නොමැති බවත් මෙවැනි අවස්ථාවකට යෑමට නොහැකි වුවහොත් රටක් ලෙස මෙන්ම කලාකරුවන් ලෙසත් දැඩි අසරණභාවයට පත්වීමට සිදුවන බවත් හත්ලහවත්ත මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment