ලෝකෙ ප්‍රථම වරට ආර්ථිකය හදන වැඩපිළිවෙළ විපක්ෂයෙන් ඉදිරිපත් කළා – හර්ෂ ද සිල්වා (සජබ)

130

පාර්ලිමේන්තු විවාදය ආරම්භ කරමින් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා (සජබ) –

අපි සිටින ආර්ථික අර්බුදයෙන් රට ගොඩ නඟන්න තනියෙන් බෑ. ජනාධිපතිතුමා සහ ආණ්ඩුව විශාල වගකීමක් තමයි දැන් භාර අරගෙන තිබෙන්නේ. ඒකට කණ්ඩායමක් සිටින්න ඕන. ඒකට නිසි වැඩ පිළිවෙළක් අවශ්‍යයි. අපට දැවැන්ත සහ පුළුල් වගේම ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය වෙනවා. ජත්‍යන්තර සහයෝගය අවශ්‍ය වෙනවා. එකම කණ්ඩායමක කාඩ් කුට්ටම අනලා නැවත ඇමැතිකම් භාරදීලා නැවත පාලනයක් ඇති කර තිබෙන බව තමයි පෙනෙන්න තිබෙන්නේ. මේ ආණ්ඩුවට ජනවරමක් නෑ. ඒ කාලෙ රුපියල අල්ලගෙන හිටියා වගේ තමයි මේ ආණ්ඩුවත්. ජනතා මතයක් මේ ආණ්ඩුවට නෑ. රාජපක්ෂලා හොල්මන් කරන ආණ්ඩුවක් තමයි මේක. නමුත් අපට හැමදාම ජනාධිපතිලා හෝ ආණ්ඩු පන්නන්න බෑ. ඒක ඇත්ත. නමුත් ඡන්ද 134 ක් ලබා ගෙන ජනාධිපතිතුමා තේරී පත්වෙලා තිබෙනවා. ඒක අපිට පිළිගන්න වෙනවා කෘතිම පත්කිරීමක් කියලා. ජනතාවට බලකරලා ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න බෑ. අපි අවංක වෙමු. අපි කෙටිකාලීන සර්ව පාක්ෂික පොදු වැඩපිළිවෙළකට අපි එකඟ වෙමු. ඇයි අපට බැරි. හැබැයි අපි අවංක වෙමු. මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කරන්නේ මට ඇමැතිකමක් ගන්න නොවෙයි. විදේශ සහයෝගය ගන්න පිළිවන් පිරිසක් අපි පත් කරගමු. එදා මේ පාර්ලිමේන්තුවේදී මම, පැයක කතාවක් කරලා කිව්වා මේ යන ගමන වැරදියි. අපි මේක ගොඩින් බේරගමු. අයි.එම්.එෆ්. යමු. මහ බැංකු අධිපති ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මුදල් ඇමැතිවරයා වගේම පී. බී. ජයසුන්දර ගෙන යන වැඩපිළිවෙල වැරදියි කියලා. එදා ඒ අය අපට හිනාවුණා. නමුත් දැන් කියනවා ඒ අයට වැරදුණා කියලා. අපි දැන්වත් සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් හදමු. අපි ඩලස් අලහප්පෙරුම ජනාධිපති අපේක්ෂක කරන්න හදන විට අප ආර්ථිකය හදන්න වැඩ පිළිවෙලක් හැදුවා. මේ තිබෙන්නේ ඒ වැඩපිළිවෙළ. මේකේ වැරදි තිබෙනවා නම් පෙන්වන්න. විරුද්ධ නම් කියන්න. අපි හදාගෙන යමු. විපක්ෂයෙන් හදලා තිබෙනවා ආර්ථිකය හදන්න පිළිවන් වැඩපිළිවෙල. ලෝකෙ ප්‍රථම වරට විපක්ෂයෙන් ඉදිරිපත් කරලා තිබෙනවා. අපි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික වැඩ පිළිවෙළත් සමග එකඟයි. මම විපක්ෂයේ හිටියත් ඒක බය නැතිව කියනවා. මේ රට දියුණු කරන්න වැඩපිළිවෙළ ඔහුට තිබෙනවා. එදා අපි මේවා ලිව්වා. එදා එතුමා විපක්ෂයේ හිටියේ. සජිත් අපි ඔක්කොම එකට හිටියේ. ඒ වැඩපිළිවෙළ දැන් ආණ්ඩුවේ ඉන්න අය කරන්න දුන්නේ නෑ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment