ලෝක අධ්‍යාත්මික සෞඛ්‍යය කවුන්සලයෙන් මහාචාර්ය සාගර කරුණාතිලකට ඇරයුමක්

250

වෛරීවූ මිනිසුන් අතර අවෛරීව, කෙලෙසුන්ගෙන් ආතුරුවූ (රෝගී) මිනිසුන් අතර අනාතුරව සුවසේ විසීමට අපගේ අධ්‍යාත්මික පවිත්‍රතාව ඉතා වැදගත් වේ.

තවද දියුණුවේ මාවත් ද්විත්වයේදී බාහිර, අධ්‍යාත්මික ලෙස විභේදන වේ. ලෝකයේ වෙනදාටත් වඩා ආධ්‍යාත්මික දියුණුව සොයා යන යුගයක් දැන් පැමිණ ඇත.

ඒ අනුව බිහිවූ “ලෝක අධ්‍යාත්මික සෞඛ්‍යය කවුන්සලය” ආදරය, දයාව, පරාර්ථකාමීත්වය, පිළිගැනීම වැනි විශ්වීය තේමාවන් හැදෑරීමේ තෝතැන්නකි.

එහි ආධ්‍යාත්මික සෞඛ්‍ය උපදේශක තනතුර හොබවන මහාචාර්ය සාගර කරුණාතිලක ශූරීන්හට ලෝකය නියෝජනය කරමින් මහා බි්‍රතාන්‍යයෙන් ආරාධනාවක් ලැබී ඇත. ඊට සමගාමීව පැවැත්වෙන නයිට්වරුන්ගේ වාර්ෂික සමුළුව නියෝජනය කිරීමටද, ලන්ඩනයේ සෝවාන් මඟ බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍යපාද විජිතවංශ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආරාධනයෙන් ආධ්‍යාත්මික සාකච්ඡාවක ද,

සියලු ජාතීන්ගේ සමගි සංවිධානයේ උපදේශකත්වය, ශ්‍රී ලංකා දහම් සුවඳ පදනම, විශ්‍රාමික රණවිරු බළකාය වැනි සංවිධානයන්හි ජ්‍යෙෂ්ඨ උපදේශකත්වය හොබවමින් මහා බි්‍රතාන්‍යය ප්‍රමුඛ දෙස් විදෙස් හි අසරණ

රොගීන් දහස් ගණනාවකට වසර විස්සකට වඩා වැඩි කාලයක් තුළ ඔස්ටියෝපති වෛද්‍ය ක්‍රමයෙන් සුව සහනය ලබාදීම, ලෝක එක්සත් ආත්මාරක්ෂක සම්මා මුෂ්ඨි මධ්‍යස්ථානය හරහා ආත්මාරක්ෂක සටන් කලාවේ ප්‍රගමනයට සිදු කළ සේවාවද, හදට් එයැර්චහ එර්සබසබට ජ්පචමි හරහා යෝගා විද්‍යාවට සිදු කළ සේවාව හා මහාචාර්ය සාගර කරුණාතිලක ශූරීන් සිදුකළ සමාජ මෙහෙවර ඇගයීමක් වශයෙන් නොබෙල් ත්‍යාගය සඳහා ශ්‍රීමත් ස්ටීව් රසල් මහාචාර්යතුමා නාමයෝජනා කිරීමේ සාකච්ඡාවක් ද එහි දී පැවැත්වේ. සැබැවින්ම එය අප ලද මහත් භාග්‍යයකි.

විශ්වයේ සියලු අභිරහස් දැන ගැනීමට තරම් මහා ඥානවන්තයකු වුවත් සක්විති රජකු වුවත්, ආදරය, කරුණාව, දයාව නැතිනම් ජීවිතය නිෂ්ඵලය. අන්ධකාරයි. නිෂ්ඵලත්ත්වයට සපලත්වය, අන්ධකාරයට ආලෝකය, විශ්ව මෛත්‍රිය හරහා කෙනකුට ලද හැකි බව මහාචාර්යතුමා නිරන්තරයෙන් පෙන්වා දෙන කරුණකි.

සීත කරන උඳුවප් මහේ දී නොබෝ දිනකින් සාමයේ කුමරුගේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අසිරිමත් උපත සමරණ දිනයේදීම මහාචාර්යතුමාගේ උපන්දිනයද යෙදී තිබීම දෛවෝපගතය. කිතු දහමේ ඉගැන්වෙන හර පද්ධතිය අනුව “ආදරය නොහඳුනනා දෙවියන්වහන්සේ නොහඳුනයි. මක්නිසාද යත් දෙවියන් වහන්සේ යනු ආදරය, ප්‍රේමයයි.” එලෙසින් ප්‍රේමණීය වූ අධ්‍යාත්මික පණිවිඩය රැගෙන විශ්ව චාරිකාවකට යෑමට සූදානම් වන මහාචාර්යතුමාට අපගේ සුබපැතුම්…!!!

● රවිශාන් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment