ලෝක ආර්ථික අර්බුදය ශ‍්‍රී ලංකාටත් බලපාලා

194

මුළු ලෝකයම මුහුණදී ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ යෑමේ තත්ත්වය ශී‍්‍ර ලංකාවට ද බලපා තිබෙන නමුත් සතොස හරහා යම්තාක් දුරට හෝ ජනතාවට සහන සලසන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ලෝක තත්ත්වය තුළ මිල තීරණය කරනු ලබන රටවල් විසින් ඛනිජ තෙල්, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් තීරණය කරනවිට ශී‍්‍ර ලංකාවට පමණක් එහි බලපෑමට යට නොවී සිටීමේ හැකියාවක් නැති බවත් සඳහන් කළේය.

පවතින හදිසි තත්ත්වය හමුවේ ලොව සෑම රටක්ම පාහේ මුහුණදී තිබෙන ආර්ථික අර්බුදයට සියලූ ලෝකවාසීන් මුහුණදී සිටින බව ද කීය.

මේ සියලූ අර්බුද හමුවේ පාරිභෝගික ජනතාවට වෙළෙඳපොළ මිල ගණන් ස්ථාවරව පවත්වාගෙන යමින් ගුණාත්මක බවින් ඉහළ භාණ්ඩ සතොස අලෙවිසල් ජාලය හරහා සහන මිල ගණන්වලට ලබාදෙන බවත් සඳහන් කළ ඇමැතිවරයා සහල් මිල රුපියල් 100ට වඩා අඩුවෙන් පවත්වාගෙන යන බවත් පැවසීය.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment