ලෝක උරුම ගාලු කොටුවේ අනවසර ඉදිකිරීම් රොත්තක්… පුරාවස්තු ආඥාපනතේ අඩුපාඩු නිසා ඒවා ඉවත්කරන්න බැරිලු!

303

ලෝක උරුම ගාලූ‍කොටුව තුළ පසුගිය වර්ෂ කිහිපය තුළ අනවසර ඉදිකිරීම් 30ක් පමණ සිදුකොට ඇති බැව් දකුණු පළාත් පුරාවිද්‍යා කාර්යාලය පවසයි.

 මෙම අනවසර ඉදිකිරීම් කළ පුද්ගලයින්ට විරුද්ධව දකුණු පළාත් පුරාවිද්‍යා කාර්යාලය මගින් නඩු පවරා ඇත. අනවසර ඉදිකිරීම් ස`දහා නඩු පැවරුවද පුරාවස්තු ආඥාපනතේ ඇති අඩුපාඩු නිසා මෙම අනවසර ඉදිකිරීම්වලින් බහුතරයක් තවමත් ඉවත්කිරීමට නොහැකිවී ඇති බැව් පුරාවිද්‍යා කාර්යාලය පවසයි. ඇතැමුන් ස්වකැමැත්තෙන්ම අනවසර ඉදිකිරීම් ඉවත්කරගෙන ඇති බවද දකුණු පළාත් පුරාවිද්‍යා කාර්යාලය පවසයි.

 ගොඩනැගිලි වෙනස් කිරීම් හා එකතුකිරීම් ලෙස මෙම අනවසර ඉදිකිරීම් සිදුකොට ඇත. ඉකුත් දා රාජ්‍ය ඇමැති විදුර වික‍්‍රමනායක මහතා ගාලූ‍කොටුවේ කළ නිරීක්ෂණ චාරිකාවේ දී ගාලූ‍ කොටුවේ සිදුකොට ඇති අනවසර ඉදිකිරීම් පිළිබ`ද නිලධාරින්ගෙන් විමසා තිබේ. පසුගිය වර්ෂවලට සපේක්ෂව ගාලූ‍කොටුව තුළ අනවසර ඉදිකිරීම් අඩුවී ඇති බැව් මෙහිදී අනාවරණය වී ඇත.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment