ලෝක ඒඩ්ස් දිනය අද

267

ලෝක ඒඩ්ස් දිනය අදට (දෙසැම්බර් 01 දා) යෙදී තිබේ. සමානාත්මතාවය සුරකිමු යන ගෝලීය තේමාවට අනුකූලව ශ්‍රී ලංකාව ද ලෝක ඒඩ්ස් දිනය සමරයි.

රටපුරා දැනුවත් කිරීමේ ක්‍රියාකාරකම් සමඟින් HIV (PLHIV) රෝගය සමග ජීවත්වන පුද්ගලයන්ගේ ගැටලු පිළිබඳව හඬක් නැඟීමට සහ අද දින රතු පීත්ත පටියක් පැළඳ සිටීමට ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

1988 දී ආරම්භ කරන ලද ලෝක ඒඩ්ස් දිනය ගෝලීය සෞඛ්‍ය සඳහා වූ පළමු ජාත්‍යන්තර දිනය ලෙස සැලකේ. HIV සම්බන්ධ නිශ්චිත තේමාව ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන, රජයන්, සිවිල් සමාජ, එකට එකතුවේ. එච්. අයි. වී. ආසාදිත පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා එච්. අයි. වී. ආසාදිත පුද්ගලයන්ට සහාය වීමට සහ ඒඩ්ස් ආශ්‍රිත රෝගවලින් මියගිය අයට ශෝකවීමට ජනතාව එක්වන ලෝක ඒඩ්ස් දිනය ඉතා වැදගත් වේ.

එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන, ඉලක්කවලට අනුකූලව ජාතික ලිංගාශ්‍රිත රෝග, ඒඩ්ස් මර්දන වැඩසටහන සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2030 වසර වනවිට ඒඩ්ස් අවසන් කිරීමට ප්‍රකාශ කර ඇත. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා එච්. අයි. වී සමග ජීවත් වන පුද්ගලයන්ගෙන් සියයට 95ක් හඳුනාගෙන ඔවුන්ගෙන් සියයට 95ක් ප්‍රතිකාර ආරම්භ කළ යුතුය.
ඒමන්ති මාරඹේ සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment