ලෝක කනිෂ්ඨ ශූරතා මලල ක‍්‍රීඩා තරගාවලිය: ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ හෙට පිටත් වෙති

857

ඉසව් 44 කින් සැදුම්ලත් වන ලෝක කනිෂ්ඨ ශූරතා මලල ක‍්‍රීඩා තරගාවලියට සහභාගී කරවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 07 දෙනෙකුගෙන් සහ නිලධාරීන් 04 දෙනෙකුගෙන් සැදුම් ලත් ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉරිදා (15) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් පිටත්ව යති. අඟහරුවාදා (17) සිට 22 දක්වා කෙන්යාවේ නයිරෝබි අගනුවර පිහිටි නයායෝ ක‍්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වෙන මෙවර ලෝක කනිෂ්ඨ තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා කණ්ඩායමට ක‍්‍රීඩකයින් තිදෙනකු සහ ක‍්‍රීඩිකාවන් සිව් දෙනෙකු අයත් වෙති.

ලෝක කනිෂ්ඨ ශූරතා මලල ක‍්‍රීඩා තරගාවලිය: ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ හෙට පිටත් වෙති

මතුගම ආනන්ද ශාස්ත‍්‍රාලයේ ඉසුරු කෞශල්‍ය අභයවර්ධන (මීටර් 400 සහ මීටර් 400 මිශ‍්‍ර සහාය දිවීම), වෙන්නප්පුව වෑකඩ මධ්‍ය මහා විද්‍යාලයේ යූ. බී. එම්. රවිඳු ඩිල්ෂාන් බණ්ඩාර (මීටර් 400 මිශ‍්‍ර සහාය දිවීම), කුරුණෑගල ශ‍්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ එච්.එච්. රවිඳු සිතුම් ජයසුන්දර (මීටර් 400 මිශ‍්‍ර සහාය දිවීම), ගම්පහ සිරි කුරුස විද්‍යාලයේ ශානිකා ලක්ෂානී (මීටර් 800) වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ ඞී. එම්. තරුෂි ඞී. සහාය දිවීම) කොළඹ ලූම්බිණි විද්‍යාලයේ මේධානි ජයමාන්න (මීටර් 100 සහ මීටර් 200) ගම්පහ සිරි කුරුස විද්‍යාලයේ සයුරි ලක්ෂිමා මෙන්ඩිස් (මීටර් 400 මිශ‍්‍ර සහාය දිවීම) මෙවර තරගාවලියට සුදුසුකම් ලැබූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙති.

2019.08.01 සිට 202106.30 කාලය තුළ ප‍්‍රදර්ශනය කර ඇති දක්ෂතා පදනම් කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සිව් දෙනකු ද අනතුරුව පැවති තෝරා ගැනීමේ පරීක්ෂණයේදී හා ඉන්දියාවේ පටියාලා නුවරදී පැවැති ජාත්‍යන්තර තරඟාවලියේ දී දැක්වූ දක්ෂතා මුල් කර ගනිමින් ජාතික කනිෂ්ඨ කණ්ඩායමට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් නම් කළ බව ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සම්මේලනය නිවේදනය කර සිටී.

මෙම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන් ලෙස උමංග සුරේන්ද්‍ර මහතා සහ ධනුෂ්ක මුණසිංහ මහතා කටයුතු කරති. මෙහි කණ්ඩායම් කළමනාකරු ලෙස ජගත් ඥාණසිරි ද සිල්වා මහතා කටයුතු කරන අතර බාලිකාවන් භාර නිලධාරිණිය ලෙස සුනේත‍්‍රා කරුණානායක මහත්මිය නම් කර තිබේ. ක‍්‍රීඩා වෛද්‍ය ඒකකයේ සාමාජික වෛද්‍ය ධම්මික සේනානායක මහතා නිල වෛද්‍යවරයා ලෙස තරග සංචාරයට සහභාගි වෙයි . කොවීඞ් 19 රෙගුලාසි වලට අනුව ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් යොමු කිරීම ද ඒ මහතා වෙත පැවරී තිබේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment