ලෝක කරාතේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

225

ඇමෙරිකාවේදී ක්‍රියාත්මක වූ ලෝක කරාතේ ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනා ගැනීමට යුරෝපා ශ්‍රී ලංකා කරාතේ දෝ සංවිධානයේ ප්‍රධාන උපදේශක රෝහන විජේමාන්න සමත්වී තිබේ. තරගාවලියේදී කුම්තේ මාස්ටර් තරග ඉසව්වේ කිලෝ ග්‍රෑම් 75ට අඩු බර පන්තිය නියෝජනය කරමින් මෙම දස්කම දැක්වීමට ඔහු සමත්වී තිබේ.

ලෝක එක්සත් කරාතේ අධිකාරිය මගින් 10 වැනි වරටත් සංවිධානය කළ ලෝක කරාතේ ශූරතාවලිය

පසුගියදා ඇමෙරිකාවේදී පැවැති අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රෝහන විජේමාන්න එයට සහභාගි විය.

advertistmentadvertistment
advertistmentadvertistment