ලෝක ක‍්‍රිකට් කිරුළ සොයා කාන්තා කණ්ඩායම් අටක් අද සිට සටනේ

460

කාන්තා එක් දින ක‍්‍රිකට් කණ්ඩායම් අතර ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම සිටින කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම් 08ක සහභාගීත්වයෙන් පැවැත්වෙන ලෝක කුසලාන කාන්තා එක්දින ක‍්‍රිකට් තරගාවලිය අද (04 වැනිදා) නවසීලන්තයේදී ආරම්භ වීමට නියමිතය.

සත්කාරක නවසිලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම මවුන්ට් මවුන්ගනුයිහිදී අද තරගාවලියේ ප‍්‍රථම තරගයට ක‍්‍රීඩා කිරීමට නියමිත අතර සියයට 10ක පමණ පේ‍්‍රක්ෂක සහභාගිත්වයක් ඇතිව තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අවසන් වරට 2017 වසරේදී පැවැති කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාවය නවසීලන්ත කණ්ඩායමට හිමි වූ අතර ඔස්ටේ‍්‍රලියාව හය වතාවක් සහ එංගලන්තය හතර වතාවක් කාන්තා ලෝක ක‍්‍රිකට් ශූරියන් බවට පත්වී ඇත.

කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම නිමිත්තෙන් සිම්බාබ්වේ හි පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියට කොවිඞ් වසංගතය හරස් වීම හේතුවෙන් තරගාවලිය අත්හැර දැමුණු අතර ඒ අනුව ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමට ලෝක කුසලානය තරගාවලියට සුදුසුකම් ලැබීමට තිබූ අවස්ථාව ගිලිහී ගියේය.

තරගාවලියේ අවසන් මහා තරගය ලබන මස 03 වැනිදා ක‍්‍රයිස්චර්ච් හි පැවැත්වෙන අතර පළමු අවසන් පූර්ව තරගය ලබන 30 වැනිදා ද, දෙවන අවසන් පූර්ව තරගය ලබන 31 වැනිදා ද පැවැත්වේ.

එංගලන්තය, ඔස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, දකුණු අප‍්‍රිකාව, පකිස්තානය, ඉන්දියාව, බංග්ලාදේශය, සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙවර තරගාවලියට එක්වී සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment