ලෝක ක්‍රිකට් යෞවනයෝ තව වසර දෙකකින් මෙරටට

153

2027 වසරේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියන් අතරින් 2024 වසරේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබා දීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

මෙම කාල සීමාවේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් බාලිකා ලෝක කුසලාන තරගාවලි 2 කුත් බාලක අංශයේ ලෝක කුසලාන තරගාවලි දෙකකුත් පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඒ අතරින් ශ්‍රී ලංකාව හැරුණු කොට අනෙක් බාලක යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2026 වසරේදී සිම්බාබ්වේ සහ නැමීබියාව යන රටවල සත්කාරකත්වයෙන් පැවැත්වෙන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව දැනුම් දී සිටියි. ඊට අමතරව 2025 වසරේ පැවැත්වීමට නියමිත බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මැලේසියාව සහ තායිලන්තයේ සත්කාරකත්වයෙන්ද 2027 වසරේ පැවැත්වීමට නියමිත කාන්තා යොවුන් ලෝක කුසලාන තරගාවලිය බංග්ලාදේශය සහ නේපාලයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙනු ඇත. තරගකාරී ලංසු තැබීමේ ක්‍රියාවලියකින් පසු අදාළ සුවිශේෂී තරගාවලියන්හිදී සත්කාරකයන් කවුරුන්ද යන්න මාටින් ස්නෙඩන්ගේ සභාපතිත්වයෙන් යුත් මණ්ඩලය විසින් තෝරා ගැනීමට පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment