ලෝක ක්ෂුද්‍ර-සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිනයට මහජන බැංකුවෙන් වෙළෙද ප්‍රදර්ශනයක්

73
මහජන බැංකුවේ සභාපති සුජිව රාජපක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන් සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ව්‍යවසායකත්ව බැංකු කටයුතු) ක්‍රිෂානි නාරංගොඩ මහත්මිය සභාව අමතමින්.

ලෝක ක්ෂුද්‍ර-සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිනයට සමගාමීව මහජන බැංකුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඒකකය සංවිධානය කළ Biz Fair 2022 වෙළෙඳ ප්‍රදර්ශනය පසුගියදා මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයීය තෙවැනි මහලේදි පැවැත්විණි.

මහජන බැංකුවේ පීපල්ස් ස්පාර්ක් (People’s Spark) ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනේ සාමාජික ව්‍යපාරිකයින් සහ අනෙකුත් ව්‍යාපාර ගනුදෙනුකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම ප්‍රදර්ශනය, කාන්තා හා පිරිමි ඇඟලුම්, රසකැවිලි කිරි නිෂ්පාදන හා චීස් වර්ග, කුළුබඩු හා ආශ්‍රීත නිෂ්පාදන, සශ්‍රීක කාබනික පොහොර, විදුලි උපකරණ, ආභරණ සහ අනෙකුත් දෑ ඇතුළත් ප්‍රදර්ශන කුටි ගණනාවකින් සමන්විත විය.

මහජන බැංකුවේ සභාපති සුජිව රාජපක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම වෙළෙඳ ප්‍රදර්ශනය සඳහා මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගෙවීම්, ඩිජිටල්, ක්‍රියාවලි කළමනාකරණ සහ තත්ත්ව සහතික)කේ.බී. රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (එතෙර ගනුදෙනු සේවාව) රොහාන් පතිරගේ යන මහත්වරුන්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ව්‍යවසායකත්ව බැංකු කටයුතු) ක්‍රිෂානි නාරංගොඩ මහත්මිය, සහකාර සාමාන්‍යාධිකාරි (සුඵ හා මධ්‍ය පරිමාණ) වික්‍රම නාරායන මහතා ඇතුඵ ආයතනික හා විධායක කළමනාකාරිත්වය සහ කාර්ය මණ්ඩලය සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment