ලෝක කුසලානට ගිය ක්‍රිකට් කණ්ඩායම ගැන සොයයි

272


විස්සයි විස්ස ලෝක ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ එයට අදාළ සිදුවීම් සම්බන්ධව සොයා බැලීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය ගේ සභාපතිත්වයෙන් සහ සාමාජිකයින් පස්දෙනෙකුගෙන් යුත් විමර්ශන කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පියවර ගෙන ඇත.

එහි සෙසු සාමාජිකයින් ලෙස හිටපු අමාත්‍යංශ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු , විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල , විශ්‍රාමික රියාද් අද්මිරාල් ආනන්ද පීරිස් , හිටපු ක්‍රිකට් ක්‍රීඩක නලීන්ද අල්විස් සහා නීතිඥ ශලනි රොශානා ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු පත්ව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment