ලෝක කුසලානයේදී තවත් අතිරේක ක‍්‍රීඩකයන් 5 කට ක‍්‍රීඩා ඇමැති අනුමැතිය

478

ලබන 17 වැනිදා ආරම්භ වන විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා කණ්ඩායමට තවත් අතිරේක ක‍්‍රීඩකයන් 5 දෙනකු ඇතුළත් කිරීම සඳහා ක‍්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය හිමි වී ඇති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.

එම ක‍්‍රීඩකයන් 5 දෙනා ඇතුළුව අතිරේක ක‍්‍රීඩකයන් ලෙස ලෝක කුසලාන සංචිතයට එක්වන ක‍්‍රීඩකයන් ගණන 9 ක් වන අතර මීට පෙර අතිරේක ක‍්‍රීඩකයන් ලෙස ළහිරු කුමාර, බිනුර ප‍්‍රනාන්දු, අකිල ධනංජය සහ පුලින තරංග කණ්ඩායමට එක්ව සිටියහ.

අතිරේක ක‍්‍රීඩකයන් ලෙස ක‍්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය ඊයේ හිමි වූ ක‍්‍රීඩකයන් වන්නේ රමේෂ් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක, මිනෝද් භානුක, අශේන්් බණ්ඩාර සහ ලක්ෂාන් සඳකැන් ය. ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ව සිටි තුන් ඉරියව් ක‍්‍රීඩක ළහිරු මධුෂංක ආබාධ තත්ත්වයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වීම නිසා අතිරේක ක‍්‍රීඩකයන් 9 දෙනාගෙන් එක් අයකුට ක‍්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත විය යුතු ප‍්‍රධාන සංචිතයට එක්වීමට අස්ථාව ඇත. ලෝක කුසලාන තරගාවලියට පෙර ශ‍්‍රී ලංකා කණ්ඩායම ඕමානය සමග ලබන 07 වැනිදා සහ 09 වැනිදා පන්දුවාර 20 – 20 තරග දෙකකට සහභාගිවීමට නියමිත වේ. ඒ සඳහා සහභාගි වන ශ‍්‍රී ලංකා කණ්ඩායම හෙට (03 දා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

කුෂාන් සුබසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment