ලෝක කුසලානයේ පෙරහුරු තරග ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශයට එරෙහිව

225

ලබන ඔක්තෝම්බර් මස සිට ඉන්දියාවේ දී ආරම්භ වන 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පෙරහුරු තරග දෙක බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැත්වීමට නියමිතය. එහිදී සැප්තැම්බර් මස 29දා බංග්ලාදේශය සමගද ඔක්තෝබර් මස 03 වැනිදා ඇෆ්ගනිස්ථානය සමගද එම පුහුණු තරග 02 පැවැත්වේ. තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 10 අතර පෙරහුරු තරග සැප්තැම්බර් මස 29දා සිට ඔක්තෝබර් මස 03දා දක්වා ඉන්දියාවේ ගුවහාටි, හයිද්‍රාබාද් සහ තිරුවානන්තපුරම් යන නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය මෙම වසරේ ඔක්තෝබර් මස 05 වැනි දින ආරම්භ වේ.

මේ අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගෙන ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) කොළඹ එස්.එස්.සී. පිටියේදී සහ එළඹෙන ඉරිදා (27දා) මහනුවරදී පුහුණු තරග දෙකකට සහභාගි වීමට නියමිතය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment