ලෝක කුසලාන තරගාවලියට පෙර ශී‍්‍ර ලංකාවට පුහුණු තරග දෙකක්

397

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පළමුව බංග්ලාදේශය සහ පැපුවානිව්ගිනියාව සමගින් පෙර සූදානම් වීමේ නිල තරග දෙකකට ශී‍්‍ර ලංකා කණ්ඩායම කී‍්‍රඩා කිරීමට නියමිතව තිබේ.

අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය මගින් සංවිධානය කරනු ලබන මෙම තරග දෙක ලබන 12 වැනිදා බංග්ලාදේශය සමගත් 14 වැනිදා පැපුවානිව්ගිනියාව සමගත් පැවැත්වීමට නියමිතව තිබේ.

කණ්ඩායම් 16 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය ලබන 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා දක්වා ඕමානය මහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව එහිදී තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ තරග කරන ශී‍්‍ර ලංකාව සුපිරි 12 දෙනා අතරට පිවිසීම සඳහා ලබන 18 වැනිදා නැමීබියාව සමගින් තරග කිරීමට නියමිතව තිබේ. අනතුරුව 20 වැනිදා අයර්ලන්තය සමගත් 22 වැනිදා නෙදර්ලන්තය සමගත් ශී‍්‍ර ලංකාව එම කාණ්ඩය යටතේ තරග කිරීමට නියමිතව තිබේ.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment