ලෝක කුසලාන තරගාවලියේ  ශ්‍රී ලංකා පළමු පුහුණු තරගය අද

271

2022 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු පුහුණු තරගය අද (11වැනිදා) ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ. ඒ ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී සිම්බාබ්වේ කණ්ඩායම සමගිනි.

 දෙරට අතර අදාළ පුහුණු තරගය ඊයේ (10වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ අතර සිම්බාබ්වේ කණ්ඩායම ඔස්ටේ්‍රලියාවට පැමිණීම ප්‍රමාදවීම හේතුවෙන් තරගය අද දිනයට කල්ගිය බව අයි. සී. සී. ය නිවේදනය කර සිටියේය.

 තරගාවලියේ මූලික වටය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම අට සඳහා පුහුණු තරග ඊයේ සිට ආරම්භ කෙරුණු අතර එහිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක්සත් ආරබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමගිනුත් ස්කොට්ලන්ත කණ්ඩායම නෙදර්ලන්ත කණ්ඩායම සමගිනුත් ඊයේ පුහුණු තරග සඳහා සහභාගි වීමට නියමිතව තිබිණි.

 ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි පුහුණු තරගය ලබන 13 වැනිදා අයර්ලන්ත කණ්ඩායම සමගින් පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment