ලෝක කුසලාන තරගාවලිය නරඹන්න පේ‍්‍රක්‍ෂකයන්ට අවස්ථාව

195

පන්දුවාර 20-20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය නැරඹීම සඳහා පේ‍්‍රක්‍ෂකයන්ට අවසර ලබාදීමට අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය සහ සත්කාරක ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය කටයුතු කර ඇත.

ඒ අනුව තරගාවලියට අදාළ තරග 45 ක් නැරඹීම සඳහා පේ‍්‍රක්‍ෂකයන්ට ප‍්‍රවේශපත‍්‍ර අලෙවි කිරිම පෙරේදා (03 වැනිදා* සිට ආරම්භ කර තිබුණි.

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානයේදී පැවැත්වෙන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන තරග සඳහා පේ‍්‍රක්‍ෂකාගාරයට යෙදවිය හැකි පේ‍්‍රක්‍ෂකයන්ගෙන් සියයට 70 ක ප‍්‍රමාණයකට තරග නැරඹීමට අවස්ථාව සලසා ඇත.

ඕමානයේ පැවැත්වෙන තරග සඳහා උපරිම පේ‍්‍රක්‍ෂක සහභාගිත්වය තුන්දහසක සීමාවකට යටත්ව සිදුකෙරේ.

කොවිඞ් මර්දන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත වෙමින් ආරක්‍ෂිත පරිසරයක් තුළ පේ‍්‍රක්‍ෂකයන්ට තරග නැරඹීමට අවස්ථාව උදාකරදී ඇති අතර කොවිඞ් වසංගතය ආරම්භ වීමෙන් පසුව ලෝකයේ පැවැත්වෙන ප‍්‍රධාන කි‍්‍රකට් තරගාවලිය ලෙස මෙම

තරගාවලිය සැලකේ. තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ තරග මෙම 17 වැනිදා සහ සුපිරි 12 දෙනාගේ වටය මෙම 23 වැනිදා ආරම්භ වේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment