ලෝක කුසලාන තරග පාවාදීම් පරීක්‍ෂණ ගැන සෑහීමකට පත්වෙන්නේ නෑ – මහින්දානන්ද අලුත්ගමගේ

375

2011 ලෝක කුසලානයේ තරග පාවාදීම සම්බන්ධයෙන් එවකට කි‍්‍රකට් පාලක මණ්ඩලයේ නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න නොකොට මහේල ජයවර්ධන, කුමාර් සංගක්කර යන කී‍්‍රඩකයන්ගෙන් ප‍්‍රශ්න කරනු ලැබුවේ අදාළ පරීක්‍ෂණ නොමඟ යැවීමට යැයි හිටපු කී‍්‍රඩා ඇමැතිවරයකු වූ වත්මන් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (5 දා) පැවැසීය.

එබැවින් එම සිද්ධිය සම්බන්ධයෙන් කරනු ලැබූ පරීක්‍ෂණය සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්නොවන බවද කී ඇමැතිවරයා මේ වනවිටත් දේශීය තරග බිමේදී පවා තරග පාවාදීම් වන අතර ඒවා නතරකර නොගතහොත් කිසි දිනෙක ශී‍්‍ර ලංකාවට ලෝක කුසලාන තරගාවලියක් ජයග‍්‍රහණය කිරීමට නොහැකි වන බවද කියා සිටියේය.

අදාළ තරග පාවාදීම් සම්බන්ධයෙන් කී‍්‍රඩකයන් සම්බන්ධ නැතැයි කියද්දී එවකට කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සහභාපති වූ ඒ. එස්. ද සිල්වා, ලේකම් නිශාන්ත රණතුංග, කළමණාකාර සුරජ් දන්දෙණිය යන මහත්වරුන්ගේන් ප‍්‍රශ්න නොකිරීම සම්බන්ධයෙන් සහ එම පරීක්‍ෂණ පිළිබඳ තමන් සෑහීමකට පත්නොවන බවද හෙතෙම පැවැසීය.

අදාළ හෙළිදරව්ව හේතුවෙන් තමන් ඉන්පසුව පැවැති මහ මැතිවරණයේදී මහනුවර දිස්ති‍්‍රක්කයෙන් දෙවැනි තැන දක්වා පහළට වැටුණු බවද මහින්දානන්ද අලූත්ගමගේ මහතා එහිදී කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment