ලෝක කුසලාන සංචිතය නිල වශයෙන් එළිදකී… ලහිරු මධුශංක 15 අතරට… අකිල ධනංජය අතිරේක හතරට

501

එළඹෙන පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන ශ‍්‍රී ලංකා සංචිතය නිල වශයෙන් ඊයේ (12 වැනිදා) ප‍්‍රකාශයට පත් කරනු ලැබීය.

ක‍්‍රීඩකයන් 15 දෙනකුගෙන් යුත් සංචිතයක් සහ තවත් අතිරේක ක‍්‍රීඩකයන් 4 දෙනෙක් ඊට ඇතුළත් වන අතර කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකටත් උප නායකත්වයේ වගකීම ධනංජය ද සිල්වාටත් පවරා ඇත.

පල්ලෙකැලේ ක‍්‍රීඩාගණයේදී පසුගියදා අවසන් වුණු ආරාධිත කි‍්‍රකට් තරගාවලියේදී වැඩි දක්‍ෂතා දැක්වූ ලහිරු මධුසංක 15 දෙනාගේ සංචිතයට එක්කර ඇති අතර ඔහු ශ‍්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවාර 20-20 තරග දෙකකට සහ එක්දින තරග 4 කට ක‍්‍රීඩා කර ඇත.

දකුණු අප‍්‍රිකාවට එරෙහිව පැවැති අවසාන එක් දින තරගයේදී කඩුලූ 4 ක් දවා ගත් මහීෂ් තීක්‍ෂණද 15 දෙනාගේ සංචිතයට කැඳවා ඇති අතර ඒ සමගම අකිල ධනංජයට අතිරේක ක‍්‍රීඩකයන් හතර දෙනා අතරට ඇතුළත් වීමට සිදුව තිබේ.

පන්දුවාර 20-20 තරග 58 ක අත්දැකීම් ඇති දිනේෂ් චන්දිමාල් කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක‍්‍රීඩකයා වන අතර කඩුලූ රකින පිතිකරුවකු ලෙස ඔහු සහ කුසල් ජනිත් පෙරේරාද කණ්ඩායමට එක්ව සිටිති.

ඔවුන් දෙදෙනා සමඟ පිතිකරු අංශය ශක්තිමත් කිරීමට අවිශ්ක ප‍්‍රනාන්දු, භානුක රාජපක්‍ෂ, චරිත් අසලංක, උප නායක ධනංජය ද සිල්වා, කණ්ඩායමේ සිටිති. නායක දසුන් ශානක ප‍්‍රමුඛ තුන් ඉරියව් අංශයට වනිඳු හසරංග, චාමික කරුණාරත්න, කමිඳු මෙන්ඩිස් සහ ලහිරු මධුශංක ක‍්‍රීඩකයෝ එක්ව සිටිති.

වේග පන්දු අංශයේ ප‍්‍රධාන බලාපොරොත්තුව දුෂ්මන්ත චමීර සහ නුවන් ප‍්‍රදීප් 15 අතර වෙති. චාමික සහ දසුන් මෙන්ම අතිරේක ක‍්‍රීඩකයෝ ලෙස ලහිරු කුමාර සහ බිනුර ප‍්‍රනාන්දු ද

වේග පන්දුවේ සහායට එක්ව සිටිති.

එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේදී ලෝක කුසලාන තරගාවලිය පැවැත්වේ.

ශ‍්‍රී ලංකා සංචිතය

දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා (උප නායක), දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප‍්‍රනාන්දු, භානුක රාජපක්‍ෂ, චරිත් අසලංක, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, නුවන් ප‍්‍රදීප්, දුෂ්මන්ත චමීර, ලහිරු මධුශංක, ප‍්‍රවීන් ජයවික‍්‍රම, මහීෂ් තීක්‍ෂණ

අතිරේක ක‍්‍රීඩකයන්

අකිල ධනජය, බිනුර ප‍්‍රනාන්දු, පුලින තරංග, ලහිරු කුමාර

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment