ලෝක ගුරු දිනය අද – ගුරු සේවාව වෘත්තියක් නොව සේවයකටත් එහා ගිය වගකීමක්

412

– ජනපති රනිල් වික්‍රමසිංහ

ලොව ශ්‍රේෂ්ඨතම වෘත්තීන් අතර ගුරු වෘත්තිය මුල් තැන ගන්නේ ලෝකයේ හා මනුෂ්‍ය වර්ගයාගේ රඳා පැවැත්ම සඳහා වූ මඟ නොමඟ පසක් කරන මාර්ගෝපදේශකයා ගුරුවරයා වන හෙයින් යැයි
ලෝක ගුරු දිනය නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

එම පණිවුඩය මෙසේය.

ගුරුවරයා යනු ප්‍රඥාවේ සහ හදවතේ එකතුවකි. එබැවින් ගුරු සේවාව වෘත්තියක්ම නොව සේවයකටත් එහා ගිය වගකීමක් බව පොදු පිළිගැනීම වන අතර ගුරුවරයා සමාජයෙහි ඉහළින්ම ඔසවා තබා ඇත්තේ ඒ නිසාමය. අප ලෝක ගුරු දිනය සමරනු ලබන්නේ
එතරම් අභිමානවත් මෙහෙවරක නියැලෙන ගුරුවරයාට උපහාර පුද කිරීමටය. ගුරුවරයා සහ ගුරු වෘත්තිය වෙනුවෙන් වූ වගකීම් නොපිරිහෙළා ඉටු කිරීමට රජයක් ලෙස අප බැඳි සිටින්නෙමු. දේශපාලනය මත ගුරු පත්වීම් ලබාදීම අත්හිටුවා විද්‍යාපීඨ ක්‍රමය ඇති කිරීමටත්, ගුරුවරයාට දියුණු ලෝකය සමග මුසුවීමේ අවස්ථාව සලසමින් ඉංග්‍රීසි භාෂාව හැදෑරීම සඳහා විශේෂ පුහුණුවක් ලබාදීමටත් එදා මම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පියවර ගත්තේ ගුරු වෘත්තියේ ගෞරවය ආරක්ෂා කිරීම උදෙසාම බව සිහිපත් කරමි. රජය දරුවන් වෙනුවෙන් පැහැබර අනාගතයක් සැලසුම් කරමින් සිටින මෙම අවස්ථාවේ ඔවුන්ට අධ්‍යාපනය ලබාදීමේ වගකීමට උරදී සිටින ගුරවරුන් තම වගකීම් නිසි ලෙස ඉටුකරනු ඇතැයි මම අපේක්ෂා කරමි.

advertistmentadvertistment
advertistmentadvertistment