ලෝක ජනගහනයෙන් සියයට 99ක්ම ආශ්වාස කරන්නේ දූෂිත වාතය – WHO අධ්‍යයනයකින් හෙළි වෙයි

108

ලෝක ජනගහනයෙන් සියයට 99ක්ම ආශ්වාස කරනුයේ තම සෞඛ්‍යයට හානිකර දූෂිත වාතය බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද නවතම අධ්‍යයන වාර්තාවක සඳහන් කර තිබේ.

ලොව පුරා රටවල් 117කට අයත් නගර 6000කට අධික සංඛ්‍යාවක් එම නගරවල වායු ගෝලයේ ප‍්‍රමිතිය මැන බැලීමේ කාර්යයේ නිරත වුවද එම නගරවල වෙසෙන ජනතාව තවමත් ආශ්වාස කරනුයේ සෞඛ්‍යයට අහිතකර දූෂිත වායුන් බව සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. වායුගෝලය දූෂිත මට්ටමේ තිබෙන රටවල්වලින් බොහොමයක ජනතාව වැඩි වශයෙන් නයිට‍්‍රජන් ඩයොක්සයිඞ් වායුව ආශ්වාස කරන බව හෙළි වී ඇති අතර අඩු හා මධ්‍යම ආදායම්ලාභී රටවල මෙම තත්ත්වය වැඩි බව එම සංවිධානය කියයි.

හෙටට (07 වැනිදාට) යෙදී ඇති ලෝක සෞඛ්‍ය දිනය නිමිත්තෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති අධ්‍යයන වර්තාවක මෙම කරුණු සඳහන් වේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment