ලෝක ටෙස්ට් ශූරතාවලියේ  ප‍්‍රසාද ලකුණු සටහනේ ශී‍්‍ර ලංකාව පහළ යයි

295

ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශූරතාවලි ප‍්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානය දක්වා පහළ බැසීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට සිදුව තිබේ. ඒ ඉන්දියාව සමගින් පැවැති ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය 2-0ක් ලෙසින් පරාජයට පත්වීම හේතුවෙනි.

කොදෙව්වන්ට එරෙහිව 2-0ක තරගාවලි ජයක් වාර්තා කර තිබූ ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉන්දීය සංචාරයට පෙර ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වී සිටියේය. එහිදී ඉන්දියාව සමගින් පැවැති පළමු තරගය ඉනිමකින් පරාජයට පත්වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම ප‍්‍රසාද ලකුණු ලැයිස්තුවේ තෙවැනි ස්ථානයට වැටුණු අතර දෙවැනි තරගය පරාජයට පත්වීමත් සමගින් පස්වැනි ස්ථානය දක්වා පහළට වැටී තිබේ.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ  ප‍්‍රසාද ලකුණු  සටහනේ ශී‍්‍ර ලංකාව පහළ යයි

ශී‍්‍ර ලංකාව ලෝක කුසලාන ටෙස්ට් කි‍්‍රකට් ශූරතාවලිය යටතේ තරග 4ක් කී‍්‍රඩා කරමින් තරග 2ක් ජයගෙන තරග 2ක් පරාජයට පත්වී තිබේ.

ශී‍්‍ර ලංකාවට එරෙහිව ලැබූ තරගාවලි ජයත් සමගින් ප‍්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයට පත්වන්නට ඉන්දීය කණ්ඩායම සමත්වී තිබේ. ඒ අනුව ඔවුන් එහිදී තරග 3ක් පරාජයට පත්වී තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගනිමින් තරග 6ක් ජය ගැනීමට සමත්වී තිබේ.

ලෝක කුසලාන ටෙස්ට් කි‍්‍රකට් ශූරතාවලි ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට මේ වනවිට ඔස්ටේ‍්‍රලියාව සමත්වී ඇති අතර ඔවුන් පරාජයන් රහිතව තරග හතරක් ජය ලබා තරග දෙකක් විසඳුමකින් තොරව අවසන් කර තිබේ.

පරාජයන් එකක් සමගින් ජයග‍්‍රහණ 3ක් සහ එක් තරග සමවීමක් සමගින් පාකිස්තානය දෙවැනි ස්ථානයේ රැඳී සිටී. තෙවැනි ස්ථානයේ රැඳෙන දකුණු අපි‍්‍රකාව තරග 3ක් ජයගෙන තරග 2ක් පරාජයට පත්වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment