ලෝක තෙල් මිල යළි ඉහළට: දැන් ඩොලර් 111යි

349

ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිලෙහි යළිත් සැලකිය යුතු ඉහළ යෑමක් සිදුව ඇත.

මේ අනුව පසුගිය දිනවල ඇමරිකානු ඩොලර් 100ක් පමණ පහතට ගිය බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් මිල ඊයේ (21 දා* වන විට ඇමරිකානු ඩොලර් 111ක් පමණ දක්වා ඉහළ ගියේය.

විශේෂයෙන් ඊයේ දිනයේදී පමණක් බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇමරිකානු ඩොලර් 3.4කින් පමණ ඉහළ ගොස් ඇත.

ඇමරිකාව මෙන්ම යුරෝපීය රටවල්ද රුසියාවේ ඉන්ධන සඳහා සම්බාධක පැනවීමට ඉඩ ඇති බව වාර්තා වීමත් සමග මෙසේ ඊයේ දිනයේ බොර තෙල් මිලෙහි සැලකිය යුතු ඉහළ යෑමක් සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යේමන කැරලිකරුවන් පිරිසක් විසින් සෞදිඅරාබියේ බොරතෙල් අංගණයකට ඉකුත් සති අන්තයේ එල්ල කළ ප‍්‍රහාරය හේතුවෙන් ලෝක බොරතෙල් සැපයුමට බාධා සිදුවීමද මෙසේ ලෝක බොරතෙල් මිල ගණන් ඉහළ යෑමට හේතුවී තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment