ලෝක පරිසර දිනය නිමිත්තෙන් උපාලි පුවත්පත් සේවකයින්ට පලතුරු පැළ පරිත්‍යාගයක්

80

දේශමාන්‍ය අනුර අල්විස් මහතාගේ සංකල්පයක් …..

එළැඹෙන ලෝක පරිසර දිනය නිමිත්තෙන් මාධ්‍ය ආයතන සඳහා පලතුරු සහ ඖෂධ පැළ බෙදාදීමේ වැඩසටහනක සමාරම්භය සනිටුහන් කරමින් උපාලි පුවත්පත් සමාගමේ සේවක සේවිකාවන් වෙත පැළ බෙදාදීමේ පාරිසරික පුණ්‍යකර්මයක් (15 දා) පමෝදා එන්ටර්ප්‍රයිසස් අධිපති, දේශමාන්‍ය අනුර අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් උපාලි පුවත්පත් ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරිණි.

මදාරා රුක් රෝපණ සහ පරිසර සංරක්ෂණ සේවයේ නිර්මාතෘ ප්‍රකට පරිසරවේදී සහ පෝෂණවේදී ඇම්. ඩී. කරුණාදාස මහතාගේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන ක්‍රියාවට නංවන ලද අතර, මෙහිදී අඹ, පැණි දොඩම්, කටුඅනෝදා, නා, පේර, දෙහි වැනි පැළ වර්ග බෙදා දෙන ලදී.

ලෝක පරිසර දිනය නිමිත්තෙන් උපාලි පුවත්පත් සේවකයින්ට පලතුරු පැළ පරිත්‍යාගයක්

මෙම අවස්ථාවට දේශමාන්‍ය අනුර අල්විස්, පරිසරවේදී සහ පෝෂණවේදී ඇම්. ඩී. කරුණාදාස, ප්‍රධාන පොලිස් පරීක්ෂක (මානව සම්පත් කොට්ඨාසය) අජන්ත පුෂ්ප කුමාර, උපාලි පුවත්පත් සමාගමේ දැන්වීම් සාමාන්‍යාධිකාරී ධනංජය විතානගේ, උපාලි පුවත්පත් සමාගමේ මානව සම්පත් කළමනාකාරිනී මැටිල්ඩා ගුණසේකර, දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන කර්තෘ උදේශ සංජීව ගමගේ, දිවයින විශේෂාංග කර්තෘ සහ පාරිසරික කර්තෘ ජගත් කණහැරආරච්චි, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නෝමන් පළිහවඩන, නඩත්තු කළමනාකාර අමිත පුෂ්ප කුමාර යන මහත්ම මහත්මීන් සහභාගිවූ අතර, සේවක මණ්ඩලයට මෙහිදී පලතුරු පැළ බෙදා දීම සිදුකරන ලදි.

advertistmentadvertistment
advertistmentadvertistment