ලෝක පාසල් චෙස් ශූරතාවලියට ඩී.එස්. සිසුහු සිවු දෙනෙක්

159

ලබන මස 13 වැනිදා සිට අප්‍රේල් මස 23 වැනිදා දක්වා ග්‍රීසියේ රෝඩ්ස් දිවයිනේදී පැවැත්වීමට නියමිත ලෝක පාසල් චෙස් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ සිසුන් සිවු දෙනකු තේරී පත්වී ඇත.

පසුගිය පෙබරවාරි මාසයේදී අවසන් වූ සුපර් 30 සමස්ත ලංකා පාසල් චෙස් ශූරතාවලියේදී දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් එම සිසුන් සිවුදෙනා හට මෙම අවස්ථාව උදා වී තිබේ. ඒ අනුව එම ශූරතාවලියේදී වයස අවුරුදු 7 න් පහළ අනු ශූරතාව හිමිකරගත් සෙහඳු දුල්නෙත් ප්‍රනාන්දු, වයස අවුරුදු 15 න් පහළ ශූරතාව දිනාගත් මලීෂ සස්විඳු, එම කාණ්ඩයේම තෙවන ස්ථානය දිනාගත් තිනුක ගීතුල පෙරේරා සහ වයස අවුරුදු 17 න් පහළ ශූරතාව දිනාගත් පෙසඳු ලියනගේ යන සිසුන් ලෝක පාසල් චෙස් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අප්‍රේල් මසදී ග්‍රීසිය බලා පිටත්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment