ලෝක බලවතා වීමේ අරගලය තුළ – ලංකාව වින්දිතයකු කරනු එපා – විජයදාසගෙන් චීන ජනපතිට සැර ලිපියක්

603

* ශී‍්‍ර ලංකාවේ ආර්ථිකය බංකොලොත් කර මිත‍්‍ර රටවල් අපෙන් වෙන්කළා

* රටට අහිතකර ගිවිසුම් ඉදිරියේ අවලංගුවිය හැකියි

* මිත‍්‍ර රටවල්  ඈත්වෙලා – ආර්ථිකයට හානි වෙලා

* විජයදාසගෙන් චීන ජනපතිට සැර ලිපියක


 ඔබගේ රට ලෝකයේ අනෙකුත් බලගතු රටවල් සමග ගැටෙමින් ලෝක බලවතා වීමේ අභිලාශයෙන් ගෙන යන අරගලය තුළින් අප කලාපයේ සහ ලෝකයේ සාමය බිඳ වැටෙමින් තිබෙන අතර එහි පළමු වින්දිතයන් බවට අප රටෙහි ජනතාව පත්ව ඇති බව කියමින් හිටපු ඇමැතිවරයකු වූ කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ මහතා චීන ජනාධිපති ෂි ජින්පින් මහතා වෙත සැර ලිපියක් යොමු කරමින් කියා සිටී.

අපේ රටේ ආර්ථිකය බංකොලොත් කොට මෙරටට දීර්ඝ කාලයක් තිස්සේ සහයෝගය දුන් ඉන්දියාව, ජපානය, කොරියාව, ඇමරිකාව සහ මහා බි‍්‍රතාන්‍යය ඇතුළු යුරෝපීය රටවල්, ඔස්ටේ‍්‍රලියාව ආදී රටවල් සමග අපගේ තිබූ මිත‍්‍රශීලී සබඳතාවට හානි කිරීමට චීනය කටයුතු කර ඇතැයි ද එම ලිපියෙන් පෙන්වාදී ඇත. හෙට අනිද්දා වනවිට සෝවියට් රුසියාවද පෙර කී ලේඛනයට ඇතුළත් වීමට ඉඩ ඇතැයි ද ඒ මහතා කියා ඇත.

ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ මහතා විසින් චීන ජනාධිපති ෂි ජින්පින් මහතා වෙත යවන ලද පිටු හතකින් යුත් දීර්ඝ ලිපියේ මෙලෙස ද සඳහන් කර ඇත.

ලෝකයේ බොහෝ බලගතු රාජ්‍යයන්වල බලවත් විරෝධතා පැවතියදී වියට්නාම යුද සමයේ 1952 ශී‍්‍ර ලංකාව සහ චීනය අතර ඇති කර ගත් ‘‘චීන – ලංකා රබර් සහල්’’ ගිවිසුම අපගේ මිත‍්‍රත්වයේ ඓතිහාසික මං සලකුණක් වූ බව නියතය. එවකට ඔබගේ රාජ්‍ය නායකයා විසින් සිරිමාවෝ බණ්ඩාරනායක අග‍්‍රාමාත්‍යතුමියගේ කාලයේදී බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලා ගොඩනැගිලි සංකීර්ණය ද, ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේදී උපරිමාධිකරණ ගොඩනැගිලි සංකීර්ණය ද පරිත්‍යාග කිරීම වෙනුවෙන් ඔබගේ නායකයන්ට අප හද තුළ මහත් භක්තියක් සහ ගෞරවයක් පවතී.

ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තරයේදී මුහුණ පෑ ඕනෑම ප‍්‍රශ්නගත අවස්ථාවකදී චීනය අප රටට නොපැකිළ ව සහය ලබාදුන් අතර අප රට ද චීනය වෙනුවෙන් සෑම අවස්ථාවකම පෙනී සිට ඇත.

චීනයේ විදේශ ප‍්‍රතිපත්තිය සහ ආර්ථික උපාය මාර්ග ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අගයමින් ඔබ රට ,ධබැ ඊැකඑ – ධබැ ඍද්ා, ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසුව අප දෙරට තුළ පැවති මිත‍්‍රශීලී සම්බන්ධතාවය අමිහිරි යථාර්ථයක් බවට පත්ව ඇති බවද එහි දැක්වේ.

අප රට ආර්ථිකමය වශයෙන් මුලින් ම බංකොලොත් කොට දීර්ඝ කාලයක් තිස්සේ අප රටට විශාල වශයෙන් සහයෝගය ලබා දෙමින් සිටින ඉන්දියාව, ජපානය, කොරියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපීය රටවල් (මහා බි‍්‍රතාන්‍ය ඇතුළු*, ඔස්ටේ‍්‍රලියාව වැනි රටවල් සමඟ අපට ඇති මිත‍්‍රශීලී සබඳතාවයට හානි කිරීමට කටයුතු කළ අතර අනාගතයේ දී සෝවියට් රුසියාව ද එම ලේඛනයට ඇතුළත් වීමට ඉඩ ඇත.

අද පවතින තත්ත්වය පිළිබඳ අනාවැකියක් පළකරමින් චීනයේ ප‍්‍රථම අග‍්‍රාමාත්‍ය චෞඑන් ලායි, ඉන්දීය ප‍්‍රථම අග‍්‍රාමාත්‍ය ජවහල්ලාල් නේරු ඇතුළු තවත් නායකයන් ඉදිරිපිට 1955 ඉන්දුනීසියාවේ බැන්ඩුන් නුවර පැවති සහයෝගිතා සමුළුවේ දී ශී‍්‍රමත් ජෝන් කොතලාවල මැතිඳු මෙසේ ප‍්‍රකාශ කළේය.

‘‘තව දශක කිහිපයක් ගතවන විට අප කලාපයට යුරෝපීය දෙසින් ආක‍්‍රමණයන් සිදු නොවන නමුත් චීනය විසින් කලාපය තුළ පතුරුවනු ලබන ආර්ථිකමය ආක‍්‍රමණ හේතුවෙන් අපගේ රටවල් අනාරක්‍ෂිත කරමින් කලාපයේ සාමය බිඳ වැටීම සිදුවනු ඇත.’’

වසර 65 කට පෙර කළ එම ප‍්‍රකාශය මොනතරම් සත්‍යයක් ද යන්න දැන් සනාථ වී ඇත.

ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිනිය ව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 2005 වසරේදී ඔබගේ පූර්වගාමී ජනාධිපතිවරයා වූ හූ ජින්ටාවෝ වෙත අදහස් දක්වමින් හම්බන්තොට වරායක් ඉදිකිරීම සඳහා සහයෝගය බලාපොරොත්තු වන බව දැක්වීමෙන් අනතුරුව එතුමාගේ උපදෙස් පරිදි චීන සමාගමක් විසින් එකී වරාය ඉදිකර දීම සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 390 ක් වැය වන බව දන්වා සිටින ලදී.

2005 නොවැම්බර් මස මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු එකී ව්‍යාපෘතිය තරමක් කල් අදිමින් පැවත පසුව එකී වරාය ඉදිකිරීමේ කටයුතු ඇමෙරිකන් ඩොලර් මිලියන 580 කට නිම කරන බවට එකඟතාව ඇති විය. නමුත් මෙරට රාජ්‍ය පාලකයන් ඊට ඇමෙරිකන් ඩොලර් මිලියන 1,285 ක් ගෙවා ඇති බව දක්වා ඇත.

ලෝකයේ වෙනත් රටවලින් හෝ ණය දෙන ආයතනවලින් අප ණය ලබාගෙන තිබුණේ වාර්ෂිකව 0.01% සිට 0.1% දක්වා පමණ පොලී අනුපාතයන් යටතේ නමුත් ප‍්‍රථම වතාවට එය 6% ඉක්මවන වාණිජ පොලී අනුපාතයක් මත ණය ලබා ගනිමින් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සිදු කළේ ඉතාමත් නිර්ලජ්ජිත කි‍්‍රයාවක් බව සඳහන් කළ යුතුව ඇත.

සහනදායී ණය පොලී අනුපාත යටතේ ජාත්‍යන්තරය පිළිගත් මූල්‍ය ආයතන මගින් ණය ලබා නොගෙන අධික පොලී අනුපාතයට ඔබ රටෙන් ණය ලබා ගැනීමෙන් ඇතිවන පූර්ව නිගමනය නම් ජාත්‍යන්තර ආයතන මගින් ණය ලබා ගැනීම වෙනුවෙන් කොමිස් නොදීමත්, ඔබගේ රටේ සමාගම් එවැනි ගනුදෙනුවලදී නිරන්තරයෙන් කොමිස් ලබාදීම සාමාන්‍ය ව්‍යාපාරික කටයුත්තක් ලෙස සලකනු ලැබ ඇති බවත්ය.

අපගේ රටේ ඉතිහාසය තුළ සිදු වූ ලොකු ම වංචනික සහ ¥ෂිත ගනුදෙනුව ලෙස සැලකෙනුයේ එම ගනුදෙනුවයි. චීන රජයේ සම්බන්ධතාව ඇතිව ඉහත කී ගනුදෙනුවට අමතරව පහත සඳහන් ගනුදෙනු ද චීන සමාගම් සමඟ ඇතිකර ගන්නා ලදී.

කොළඹ වරායේ දකුණු පර්යන්තය, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ, කොළඹ නෙළුම් කුලූන, කොළඹ නෙළුම් පොකුණ රඟහල, සූරියවැව ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණය, හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව.

ඉහත කී ව්‍යාපෘති සඳහා ඔබගේ ආණ්ඩුව සහ සමාගම් ඍජු ලෙස හෝ වක‍්‍ර ලෙස අධික පොලියට 2015 පෙර ණය ලබාදුන් ව්‍යාපෘති අතරින් ප‍්‍රයෝජනයක් ඇති ව්‍යාපෘතියක් වුයේ නොරොච්චෝලේ විදුලි බලාගාරය පමණක් වන අතර අන් සියලූ ව්‍යාපෘති නිරපරාදේ සිදුකළ නාස්ති කිරීම් පමණක් බවත්, එකී ණය ලබා දීම තුළින් ඔබ ශී‍්‍ර ලංකාව ණය උගුලක හිරකොට තබාගෙන ඔබ රටට අවශ්‍ය පරිදි ශී‍්‍ර ලංකාවේ ආර්ථිකය හැසිරවීමට කටයුතු කළ බවත්, එමගින් ඔබේ රට ලෝක බලවතා වීමට යන ගමනේ ශී‍්‍ර ලංකාව එක් යුද පිටියක් බවට පත්කර ගැනීම ඔබගේ අරමුණ වී ඇති බවත් සක්සුදත් සේ පැහැදිලිය.

අපගේ රටේ ¥ෂිත දේශපාලනඥයන් සහ නිලධාරීන් සිතාගත නොහැකි ප‍්‍රමාණයේ විශාල මුදල් සම්භාරයක් ඉහත කී ව්‍යාපෘතිවලට ණය ලෙස ලබාගත්තේ 10% – 20% දක්වා කොමිස් මුදල් ලබා ගනිමින් බව මෙරට සියලූ ජනතාවගේ සිත් තුළට කා වැදී ඇති සත්‍යයක් බවත්, එය තවදුරටත් මෙරට මෙන්ම ලෝක ජනතාවට ද රහසක් නොවන බවත් සඳහන් කළ යුතුව ඇත.

දැනට හම්බන්තොට වරාය ලබාගෙන ඇති ඔබගේ සමාගම ගෙවූ මුදලට වඩා සුළු මුදලක් අඩුවෙන් ගෙවා වසර 35 ක කාලයක් තුළ එම වරායේ කටයුතු මෙහෙයවා නැවතත් අප රටට ලබා දීමට එම වරාය ඉදිකළ සමාගම ඉල්ලීම් කර තිබියදී ඔබගේ ආණ්ඩුව සතු සමාගම්වලට එම වරායේ මෙහෙයවීම් වසර 99 ක් තරම් දීර්ඝ කාලයකට ලබා දුන්නේ අප පාලකයන්ට එම ගනුදෙනු මගින් කොමිස් මුදල් ලබා දීම හේතුවෙන් නොවෙන්නේ නම් වෙන කුමන හේතුවක් නිසා එවැනි ගිවිසුමකට ඇතුළත් වූයේ ද යන්න ඔවුන් පැහැදිලි කළ යුතු බව ජනතා මතය වන බව ප‍්‍රකාශ කර සිටී.

හම්බන්තොට වරාය ලබා ගැනීමේදී ආයෝජකයන් වශයෙන් නම් කරමින් ඇමෙරිකන් ඩෙලාර් බිලියන එකක මුදලක් ඔබ ගෙවා ඇති නමුත් ඒ සම්බන්ධව කිසිදු ටෙන්ඩර් කැඳවීමක් හෝ තක්සේරුවක් ලබා ගැනීමක් හෝ පාරිසරික ඇගයීමක් සිදු නොකළ බව නොරහසකි.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment