ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 600 ක්

212

පවතින ආර්ථික අසීරුතාවලට පිළියමක් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 600 ක මූල්‍යාධාරයක් ලබාදීමට ලෝක බැංකුව එකඟතාව පළ කර ඇත.

ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක් පළමු අදියර යටතේ කඩිනමින් ලබාදෙන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත චියෝ කැන්ඩා මහත්මිය පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඖෂධ හා සෞඛ්‍ය අවශ්‍යතා, සමාජ ආරක්‍ෂණ, කෘෂිකාර්මික හා ආහාර සුරක්ෂිතතාව සහ ගෑස් අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා මෙම මුදල් ලබා දීමට නියමිතය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment