ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට යන්න සාරංගි බෑ කියයි

441

ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සුදුසුකම් ලැබූ සාරංගි ද සිල්වා එම තරගාවලියට සහභාගි නොවී සිටීමට තීරණය කර තිබේ. මෙම මස අගදී ආරම්භ වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සූදානම් වීමට ඇති අවශ්‍යතාවය හේතුකොට ගනිමින් සාරංගි මෙම තීරණය ගෙන තිබේ.

 ලෝක ශූරාතා මලල ක්‍රීඩා තරගාවලිය ලබන 15 වැනිදා ඇමෙරිකාවේදී ආරම්භ වීමට නියමිතව තිබේ. එම තරගාවලිය නියෝජය කිරීම සඳහා සුදුසුකම් ලබා ගන්නා ක්‍රීඩිකාවන් 32 අතරට ශ්‍රී ලංකාවේ සාරංගි ද සිල්වාද ඇතුළත්ව සිටියාය.

 කෙසේ වෙතත් සාරංගි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින් පෞද්ගලික පුහුණුකරුවකු යටතේ පුහුණුවීම් සිදුකිරීමට ඉදිරියේදී නියමිතව ඇති බවට වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment