ලෝක මාධ්‍ය බලවතාට වයස 93 දීත් මංගල සීනු

159

ජාත්‍යන්තර මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු ලෙස සැලකෙන රූපට් මර්ඩොක් 5 වැනි වරටත් විවාහ වී තිබේ.

93 හැවිරිදි රූපට් මර්ඩොක්ගේ මනාලිය වන්නේ 67 හැවිරිදි එලීනා ශුකොවාය. ඇය විශ්‍රාමික රුසියානු ජීව විද්‍යාඥවරියකි. ඔවුන්ගේ විවාහ උත්සවය පසුගිය සෙනසුරාදා කැලිෆෝනියාවේ රූපට් මර්ඩොක්ට අයිති මිදී වත්තේ පවත්වා තිබේ. ඔස්ටේ්‍රලියාවේ උපන් මර්ඩොක් මහතා ෆොක්ස් නිවුස්, වෝල් ස්ට්‍රට් ජර්නල්, ද සන් සහ ටයිම්ස් හිමිකරගෙන සිටින නිව්ස් කෝපරේෂන් හිප් සභාපතිවරයා වේ. ඔහුට දරුවන් හය දෙනෙක් ද සිටිති.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment