ලෝක මූල්‍ය ලොක්කෝ තිදෙනෙක් ශී‍්‍ර ලංකාවට

262

ලෝකයේ ප‍්‍රධාන පෙළේ මුල්‍ය ආයතන තුනක නියෝජිතයින් මේ දිනවල මෙරටට පැමිණ තිබේ.

ආසියානු සංවර්ධන බැංකුව, යුරෝපා සංගමය සහ ලෝක බැංකු නියෝජිතයෝ පිරිසක් ඒ අනුව මෙරටට පැමිණ සිටිති.

ආසියානු සංවර්ධන බැංකුව ඔවුන්ගේ 55 වැනි සංවත්සරය ලබන වසරේ පවත්වන අතර එය මෙරටදී පැවැත්වීමට ඇති හැකියාව ගැන සොයා බැලීමට මෙම පිරිස පැමිණ තිබේ. ඔවුන් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡුා කර අවබෝධතා ගිවිසුමකට ද එළඹීමට නියමිතය.

යුරෝපා සංගමය ද මෙරටට පැමිණ ජී. එස්. පී. සහනය තවදුරටත් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡුා කරන අතර ලෝක බැංකු නියෝජිතයන් පශ්චාත් කොවිඞ් තත්ත්වය හමුවේ මෙරට සංවර්ධන සහ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා දායකවීම සම්බන්ධයෙන් අගමැතිවරයා ඇතුළු රජයේ ප‍්‍රධානීන් කිහිපදෙනකු සමග සාකච්ඡුා කිරීමට නියමිතය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment