ලෝක යුදමය අර්බුදය හමුවේ ශ‍්‍රී ලංකාවේ පිළිවෙත

364

පුවතක පසුබිම

2022 පෙබරවාරි 25 වැනි දා නිකුත් කළ ප‍්‍රකාශයක් හරහා විදේශ අමාත්‍යාංශය යුක්රේන අර්බුදය පිළිබඳ ශ‍්‍රී ලංකා ස්ථාවරය ප‍්‍රකාශ කරන ලදී. ‘‘යුක්රේනයේ මෑතකාලීනව සිදුවූ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ඉහළයාම පිළිබඳව ශ‍්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලට පත්වී ඇත” යනුවෙන් එහි මූලිකව සඳහන් වේ.

කලාපයේ සාමය, ආරක්ෂාව හා ස්ථාවරභාවය පවත්වා ගැනීම සඳහා උපරිම සංයමයකින් යුතුව ක‍්‍රියා කරන ලෙසත්, එදිරිවාදිකම් වහා නැවැත්වීම සඳහා කටයුතු කරන ලෙසත් මෙම ප‍්‍රකාශය හරහා ශ‍්‍රී ලංකාව අදාළ සියලූ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි. රාජ්‍ය තාන්ත‍්‍රිකභාවයෙන් සහ අවංක සංවාදය තුළින් මෙම අර්බුදය විසඳා ගැනීමට අදාළ සියලූ පාර්ශ්වවල සාමූහික උත්සාහයක් දැරිය යුතු බව ද ශ‍්‍රී ලංකාව අවධාරණය කරයි, තවද සාමකාමී ප‍්‍රතිපත්තියක් තුළ සාකච්ඡුා මාර්ගයෙන් ගැටලූ

විසඳාගන්නැ යි යුකේ‍්‍රනයෙන් සහ රුසියාවෙන් ඉල්ලා සිටින බව ද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශයේ සඳහන් වේ. ඒ අනුව පවත්නා ගැටලූ සාමාකාමීව විසඳාගත යුතු බව ශ‍්‍රී ලංකාවේ ස්ථාවරය යනුවෙන් එහි සඳහන් වේ.

කෙසේ වෙතත් මාර්තු 2 වන දින පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ දී රටවල් 141ක් රුසියාවේ ආක‍්‍රමණය හෙළා දැකීමට ඡන්දය දුන් අතර එම ඡන්ද විමසීමේ දී ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය යන දකුණු ආසියාතික රටවල් ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලදී.

පසුගිය 18 වැනිදා ඔස්ටේ‍්‍රලියාවේ, එක්සත් රාජධානියේ, සහ කැනඩාවේ මහ කොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත‍්‍රිකයන් පිරිසකගේ අත්සනින් යුතුව දූත මණ්ඩල ප‍්‍රධානීන් 14 දෙනකු ඒකාබද්ධ ප‍්‍රකාශයක් නිකුත් කරමින් ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේ, යුක්රේනයේ සහ එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය ඇතුළු ජාත්‍යන්තර නීතියේ මූලික මූලධර්ම නගාසිටුවීම සඳහා ප‍්‍රසිද්ධ සහයෝගය දැක්වීමට ඔවුන් හා එක්වන ලෙස යි. තානාපතිවරුන් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ දැක්වෙන්නේ.

”මේ ඇරයුම එදිරිවාදිකම් වහා අවසන් කරන ලෙස රුසියාවෙන් ඉල්ලා සිටීමට අප හා එක්වීම සඳහා යි. යුකේ‍්‍රනයේ ස්වෛරීභාවය හා ස්වාධීනත්වය

යථා තත්ත්වයට පත් කිරීම සහතික කිරීම සඳහා අපි ලොව පුරා සිටින අපගේ මිත‍්‍ර රටවල් සමග එක්ව කටයුතු කරන්නෙමු. නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ස්වෛරීභාවය වෙනුවෙන් අපි යුක්රේනය වෙනුවෙන් පෙනී සිටින්නෙමු.

රුසියාවේ ආක‍්‍රමණය සාමකාමී රටකට නීති විරෝධී ප‍්‍රහාරයකි. රුසියාව ලොව පුරා සාමය සහ ආරක්ෂාව තහවුරු කරන ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව පිළිබඳ මූලික මූලධර්මවලට තර්ජනය කරයි. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ ප‍්‍රකාශයට අපි අපගේ සම්පූර්ණ සහයෝගය ලබා දෙමු.

එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය අතීතයේදී අභියෝගයට ලක් වූ නමුත් එය සාමය, ආරක්ෂාව, සංවර්ධනය, යුක්තිය, ජාත්‍යන්තර නීතිය සහ මානව හිමිකම් යන පැත්තේ ස්ථිරව සිට ඇත. යුක්රේනයේ සහ සියලූ මනුෂ්‍ය වර්ගයා සඳහා මෙම වටිනාකම් පවත්වා ගැනීම උදෙසා ජාත්‍යන්තර ප‍්‍රජාව සිය බලයෙන් සෑම දෙයක්ම කළ යුතු ය.” යනුවෙනි

කෙසේ වෙතත් කොළඹ විශ්වවිද්‍යාලයයේ ජාත්‍යන්තර සබඳතා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හසිත් කන්දඋඩහේවා මහතා ප‍්‍රකාශ කරන්නේ යුක්රේන අර්බුදයේදී

‘‘මධ්‍යස්ථව සිටීමට” ශ‍්‍රී ලංකාවට නොහැකි බවකි. ඒ මහතා වැඩිදුරටත් දක්වන පරිදි:

”යුද්ධය ආරම්භ වුණාම ලංකාව නිල වශයෙන් ප‍්‍රකාශයක් කරා ‘අපි මධ්‍යස්ථ යි‘ කියලා. මේ ගැටුම තුළ ලංකාවට මධ්‍යස්ථවෙලා ඉන්න බැහැ. හේතුව තමා, එකක් ලංකාවට තියෙන ආර්ථික අභිලාශයන්. මේ වෙනකොට සංචාරකයන් පැමිණීම සහ ආර්ථික ආදායමක් කේන්ද්‍ර වෙනවා රුසියාව කෙරෙහි. අපි මධ්‍යස්ථයි කියන ලයින් එකේ හිඳගෙන කටයුතු කළත්, හැබැයි අපි මධ්‍යස්ථම නෙමේ.

මම මේකට කියන්නේ ‘ගතික මධ්‍යස්ථබව’ කියලා. අපි ඒක පෙන්නුවා එක්සත් ජාතීන්ගේ ඡන්ද විමසීමේ දී ඡන්දය නොදී සිටීමෙන්. එක්කෝ අපට තිබ්බා පක්ෂ වෙන්න හෝ විරුද්ධ වෙන්න. ඡන්දය නොදීමෙන් ලංකාව සහ ඉන්දියාව පෙන්නුවේ අපි සහයෝගයක් දක්වනවා රුසියාවට වක‍්‍රව, සෘජුව නෙමෙයි. ඒ එක්කම ලංකාව ඉල්ලූවා රුසියාවෙන් මිලියන 300ක ක්‍රෙඩිට් ලයින් එකක්. මට පේන විදිහට සාමාන්‍යයෙන් අපි රුසියාවට පක්ෂපාතී මතයක් තමා පෙන්නුම් කරන්නේ ගැටුමට සක‍්‍රීයව දායක නොවී.”

පසුගිය 18 වෙනිදා තානාපතිවරුන් 14 දෙනා ශ‍්‍රී ලංකාවෙන් කරන ලද ඉල්ලීම සලකා බැලීමේදී, ඉන්දියානු සාගර කලාපයෙන් රුසියාවට එරෙහිව විරෝධය දැක්වීමක් බලාපොරොත්තු වන බව දක්නට ලැබුණත් ඉන්දියාව මේ වනවිටත් රුසියාවට විරුද්ධ නොවන ප‍්‍රතිපත්තියක සිට කටයුතු කරනු දක්නට ලැබේ. ලංකාවේ උදව් අවශ්‍ය ඕනෑම අවාස්ථාවක පිහිටට සිටින අසල්වැසියා ගේ මතයට විරුද්ධ එමෙන්ම ලෝක දේශපාලනයට බලපාන තීරණයක් ගැනීමට ලංකාව පවතින තත්ත්වය යටතේ ක‍්‍රියා නොකරනු ඇත.

ශ‍්‍රී ලංකාවට සංචාරක පැමිණීම අතින් ගත් කල රුසියාව අංක එකේ පසුවන අතර යුක්රේනය තුන්වන ස්ථානයේ පසුවේ. මීට අමතරව ඉදිරි කාලයේදී ලංකාවට බලශක්තියක් ලෙස ඛනිජ තෙල් සහ තවත් ආර්ථික සහාය ලබාගත හැකි රටක් ලෙස රුසියාව වැදගත් වේ.

2011 සිට රුසියාව ශ‍්‍රී ලංකාවේ මිත‍්‍ර රටක් වන අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාවට එරෙහි සෑම අවස්ථාවකදීම රුසියාව විසින් ලංකාව විසින් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම අප විසින් සැලකිල්ලට ගත යුතු ප‍්‍රධාන කාරනා අතුරින් එකක් ලෙස සැලකිය හැකි වේ. මේ අනුව රුසියාවට එරෙහිව එල්ලවන චෝදනාවලදීත් ලංකාව ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් හෝ ප‍්‍රකාශ නොකිරීම මගින් රුසියාව අගතියට පත්වන ක‍්‍රියාමාර්ග වලට සහාය නොදැක්වීමට කටයුතු කරනු ඇත.

කෙසේ වුවද ඇමෙරිකා එක්සත් ජනපදය පවා යුක්රේනය සම්බන්ධයෙන් සාධනීය මැදිහත්වීමක් කරනු ඇති බවට මේ වනතෙක් පෙනෙන්නට නොමැත. පවතින යුක්රේන රුසියා යුද්ධයෙන් රුසියාව ජයග‍්‍රගණය කළහොත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ලෝක දේශපාලන බලය (Hegemonic) නැතිවීමේ අවදානමක ඇමරිකාව පසුවේ. එබැවින් ඇමරිකාව ඍජුව යුද්ධයකට අවතීර්ණ නොවුණත් එළිපිටම රුසියාව අඩපණ කිරීමේ වෙනත් ක‍්‍රමෝපායන් උත්සාහ දැරීම ඉදිරි අනාගතයේ ලෝකයට දක්නට ලැබෙනු ඇත. මෙම තත්ත්වය යටතේ ශ‍්‍රී ලංකාව බටහිර රටවල ඉල්ලීම්වලට අවනත නොවීම තුළ, යුරෝපා සංගමයෙන් මානව හිමිකම් කවුන්සිලය හරහා මානව හිමිකම් සම්බන්ධයෙන් ලංකාවට වක‍්‍ර බලපෑමක් ඇතිවීමේ අවදානමක් පවතී.

ලෝක යුදමය අර්බුදය හමුවේ ශ‍්‍රී ලංකාවේ පිළිවෙත
advertistmentadvertistment
advertistmentadvertistment