ලෝක රග්බි ශූරතාවලිය…. දකුණු අපි‍්‍රකානුවන් හමුවේ නවසීලන්තය පරදී

284

ලෝක රග්බි ශූරතාවලිය යටතේ ප‍්‍රබල නවසීලන්තය සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර පැවැති අවසන් ලීග් තරගය ගෝල 31-29ක් ලෙස ජය ගැනීමට දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමත්විය. ඔස්ටේ‍්‍රලියාවේ ගෝල්ඞ් කෝස්ට් හිදී මෙම තරගය පැවැත්විණි.

තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විටදී ලකුණු 20-14ක් ලෙස පෙරමුණ ගැනීමට නවසීලන්තය සමත්වී සිටියේය. කෙසේ වෙතත් දෙවැනි අර්ධයේදී දකුණු අපි‍්‍රකාවේ ඬේමියන් ඇලන්ඬේ සහ මකාසෝල් මපිම්පි විසින් ලබාගත් උත්හාසක දිනුම් හේතුවෙන් සහ හෙන්රි පොලාඞ් විසින් එල්ල කළ දඬුවම් පහර 4ක් සාර්ථක වීම හේතුවෙන් තරගයේ වැඩි වාසි තමන් වෙත නතුකර ගැනීමට දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩකයෝ සමත් වූහ.

තීරණාත්මක අවසන් මිනිත්තු කිහිපයේදී ක‍්‍රියාත්මක වූ එල්ටන් ජැන්ටීස්ගේ දඬුවම් පහර හේතුවෙන් තරගයේ ජය තමන් සතුකර ගැනීමට දකුණු අපි‍්‍රකානුවෝ සමත්වූහ. එ් අනුව මෙම තරගය ජයත් සමගින් ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පෙරමුණට පැමිණීමට දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට හැකියාව ලැබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment