ලෝක විනාශය කළ හැකි රුසියානු සබ්මැරීනය අතුරුදන්

944

ලෝක විනාශයක් කළහැකි රුසියානු  බෙල්ගෝරොඩ් සබ්මැරීනය ආර්ටික් නැව් තටාකාංගණයේදී අතුරුදන්වී ඇත. එය පසුගිය ජූලි මස සිට ආර්ටික් හි වයිට් බේස් කඳවුරේ තිබූ බව හෙළිවී තිබේ.

 මෙම විනාශකාරී සබ්මැරීනයට අඩි 1600ක් උසට න්‍යෂ්ටික සුනාමියක් ඇතිකළ හැකිය.

 අඩි 600ක් දිගැති මෙම සබ්මැරීනය අතුරුදන්වීම ගැන නේටෝ සංවිධානය තම සාමාජික රටවලට අනතුරු අඟවා ඇත.

 රුසියාව මේ ගැන කිසිදු ප්‍රකාශයක් කර නැත. රුසියානු ජනපති පුටින්ගේ රහසිගත වැඩපිළිවෙළ යටතේ මේ සබ්මැරීනය නිපදවා තිබුණි.

 සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment