ලෝක විවාහක රූ රැජිණ තරගය සඳහා කිරුළු පළඳවයි

782

ලෝක විවාහක රූ රැජින තරගය සඳහා සුදුසුකම් ලබා තිබෙන ඌෂි පෙරේරා මහත්මියට කිරුළු පැළඳවීමේ විශේෂ උළෙලක් ඉකුත් 31 දා කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණ. මීට පෙර විවාහක රූ රැජිණ ලෙස අභිකේෂක ලැබූ කොළඹ වත්මන් පුරපති රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය සිදුකෙරිණ. මීට වසර 17 කට පෙර එංගලන්තයේ පදිංචියට සංක්‍රමණය වී ඇති ඌෂී පෙරේරා මහත්මිය මෙරට සිටියදී දක්ෂ නිරූපණ ශිල්පිනියක් වූවාය. එසේම ඇය වසර දහයකට අධික කාලයක් නර්තන ක්‍ෂේත්‍රයේද අත්දැකීම් ලබා ඇත. ලෝක විවාහක රූ රැජිණ තරගාවලියේ මෙරට අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ ආරාධනය මත ඇය මෙම තරගාවලියට ඉදිරිපත්ව ඊට සුදුසුකම් ලබා තිබේ. 2022 ලෝක විවාහක රූ රැජිණ තරගය දෙසැම්බර් මාසයේදී ඇමරිකාවේ ලාස් වේගාස් හිදී පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment