ලෝක වෙළෙඳ පොළේ තෙල් බැරලයක මිල ඩොලර් 15 කින් අඩුවෙද්දී ලංකාවේ තෙල් මිල වැඩි කළා

123

ආනන්ද පාලිත කියයි

ඉන්ධන මිල වැඩි කළේ ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන බැරලයක මිල ඩොලර් 15 කින් අඩුව තිබියදී යැයි ඛනිජ තෙල් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක ආනන්ද පාලිත මහතා ඊයේ (21 දා) ‘දිවයින’ට පැවැසීය.

ඉන්ධනවලින් සියයට 70 ක් පමණ භාවිත කරන්නේ සාමාන්‍ය ජනතාව බවත් රටේ සියලූ භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති අවස්ථාවක ඉන්ධන මිල වැඩි නොකර සිටීමට ආණ්ඩුවට හැකියාව තිබූ බවත් පාලිත මහතා කීය.

ඉන්ධන මිල වැඩි කිරීම නිසා ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයකින් රුපියල් 92 ක් පමණ ද, සුපර් පෙට‍්‍රල් ලීටරයකින් රුපියල් 100 ක් පමණ ද, සුපර් ඞීසල් ලීටරයකින් රුපියල් 50 ක් පමණ ද ආණ්ඩුව බදු ආදායමක් ලබන බවත් හරිනම් ආණ්ඩුවට භූමිතෙල් මිල රුපියල් 10 කින් වැඩි කිරීම නොව රුපියල් 20 කින් අඩු කිරීමට හැකියාව තිබූ බවත් ඒ මහතා පැවැසීය. තෙල් සංස්ථාව නයිජීරියාව සමග ඇතිකර ගෙන තිබෙන ගිවිසුම රටේ ඉන්ධන ගැටලූවට ප‍්‍රබල හේතුවක් බව ද ඔහු කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment