ලෝක ශුරතා කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලිය – මීටර් 200 ශූරිය නැම්බියාවේ ක‍්‍රීස්ටීන්

402

ඉකුත් සිකුරාදා (20) රාත‍්‍රියෙහි කෙන්යාවේ නයිරෝබි අගනුවර දී ක‍්‍රියාත්මක කෙරුණු ලෝක ශුරතා කනිෂ්ඨ වයස අවුරුදු 20න් පහළ කාන්තා මීටර් 200 ඉසව්වේ දෙවන අවසන් පූර්ව තරගයට  සහභාගි වුණු මේධානී ජයමාන්න ට එහි 04 වැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදු විය.

මෙම තරගයට සහභාගි වුණු ඉතාලිය. ටියුනීසියාව සහ බ‍්‍රසිලය යන රටවල ක‍්‍රීඩිකාවන් පරාජයට පත් කරමින් සිවු වැනි ස්ථානය තහවුරු කර ගැනීම ද විශේෂත්වයකි.

එහි ප‍්‍රතිඵලයක් ලෙස මෙවර මීටර් 200 අවසන් තරගය සඳහා වරම් ලබා ගැනීමට ඇයට නොහැකි විය. එම තරගයේ ප‍්‍රථම ස්ථානය නැමීබියානු ක‍්‍රීඩිකාවට ද දෙවන ස්ථානය ජැමෙයිකානු ක‍්‍රීඩිකාවට ද තුන්වැනි ස්ථානය චෙකොස්ලෝවැකියානු ක‍්‍රීඩිකාවට ද හිමි වූහ.

තම උපරිමය ප‍්‍රදර්ශනය කළ ඇය එහිදී තත්පර 23.95 ක තරග නිමි කාලයක් සටහන් කරමින් කැපී පෙනුණි. ඒ අනුව මේධානි ජයමාන්න මීටර් 200 ඉසව්ව වෙනුවෙන් වාර්තා කළ තම පෞද්ගලික හොඳම දක්ෂතාවය ලෙස ද එය සටහන් කර ගන්නට සමත් වූවාය.

මීටර් 200 ඉසව්වේදී මෙන්ම මීටර් 100 ඉසව්වේදී ද දස්කම් අතර රැුඳී සිටිමින් අවසන් පූර්ව වටයට දක්වා පැමිණීමට මේධානි ජයමාන්න සමත් වීම අනාගතය මෙරට මලල කෙළි බිමේ සුභ ලකුණක් ලෙස විශේෂයෙන් සඳහන් කළ හැකිය.

මෙවර මීටර් 200 කාන්තා ඉසව්වේ රන් සහ රිදී පදක්කම් දිනා ගැනීමට නැමීබියානු ජාතික ක‍්‍රීඩිකාවන් සමත් වෙන අතර වාරයේ ලෝකඩ පදක්කම නයිජීරියාව සතු විය.

තත්පර 21.84 ක තරග නිමි කාලයක් සටහන් කරමින් කනිෂ්ඨ වයස අවුරුදු 20 න් පහළ කාන්තා නව ලෝක වාර්තාවක් සහිතව අදාල ඉසව්වේ රන් පදක්කම ජය ගන්නට නැම්බියාවේ ක‍්‍රීස්ටීන් මැබෝමා සමත් වූවාය.

අගෝස්තු මස මුල් සතියේ ජපානයේ ටෝකියෝ නුවර දී පැවැති 32 වැනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලෙහි මීටර් 200 රිදී පදක්කම් ලාභිනිය ද ඇය වන්නීය.

මෙවර මීටර් 100 රිදී පදක්කම් ලාභිනිය වූ නැම්බියාවේ බියටි‍්‍රස් මසලිංගී හට මීටර් 200 ඉසව්වේදීද රිදී පදක්කම තහවුරු කර ගැනීමට හැකි විය.

මේ අතර වාරයේ කාන්තා මීටර් 800 දෙවන අවසන් පූර්ව වටයට අවතීරණය වෙමින් තරග වැදුණු ශ‍්‍රී ලංකාවේ තරුෂි ඞී. කරුණාරත්න ට 08 වෙනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදු වූවාය.

මූලික වටයේදී මිනිත්තු 02.10.70 ක තරග නිමි කාලයක් සටහන් කරමින් අවසන් පූර්ව වටයට වරම් ලබා ගත් තරුෂි කරුණාරත්න ට මෙම තරගයේ දී නියමිතය දුර නිමා කිරීම සඳහා මිනිත්තු 02.17.82 ක කාලයක් ගත විය.

එකී අවසන් පූර්ව තරගයේ පළමුවැන්නිය වූ ස්පාඤ්ඤ ක‍්‍රීඩිකාවට ගතවූ කාලය මිනිත්තු 02.07.22 කී.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment