ලෝක ශුරතා මලල කී‍්‍රඩා තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය… ඉසුරුගෙන් සහ මේධානිගෙන් ඉහළ දස්කම්

249

මතුගම ආනන්ද ශ‍්‍රාස්ත‍්‍රාල විද්‍යාලයේ කෙටි දුර ධාවන ශූර ඉසුරු කෞෂල්‍ය ආසියානු කලාපයේ කනිෂ්ඨ කී‍්‍රඩකයෙකු විසින් මේ වසරේදී මීටර් 400 ඉසව්වෙන් දක්වන ඉහළම දක්ෂතාවයක් දක්වමින් ලෝක ශූරතා කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලිය නියෝජනය කිරීම සඳහා ඇති සිය සුදුසුකම මනාව ප‍්‍රදර්ශනය කිරීමට කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී ඊයේ (27 වැනිදා* සමත්විය.
 
 ලෝක ශූරතා කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලිය සඳහා තේරීම් තරගාවලියක් ලෙස පැවැති මෙම තරගාවලියේදී ඉසුරු කෞෂල්‍ය සහ මේධානි ජයමාන්නගේ දක්ෂතාවයන් කැපී පෙණුනි. එහිදී ඉසරු කෞෂල්‍ය විසින් පිරිමි මීටර් 400 ඉසව්වේදී තත්පර 46.90ක දක්ෂතාවයක් ප‍්‍රදර්ශනය කිරීමට සමත්විය. ලෝක ශූරතා කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලිය සඳහා එ් වනවිටත් සුදුසුකම් ලබා සිටි ඉසුරු විසින් ඊයේ දක්වන ලද මෙම දක්ෂතාවය ආසියානු කලාපයේ ඔහුගේ වයස් කාණ්ඩයේ කී‍්‍රඩකයෙකු විසින් දක්වන ලද 07 වැනි හොඳම කාලය බවට පත්විය. ඉසුරු විසින් මීට පෙර එම ඉසව්වෙන් කනිෂ්ඨ ලෝක ශූරතාවලියට සුදුසුකම් ලැබීම සඳහා තත්පර 47.35ක දක්ෂතාවයක් ප‍්‍රදර්ශනය කර තිබිණි.

isuru
 
 කනිෂ්ඨ ලෝක ශූරතාවලියේ කාන්තා මීටර් 200 ඉසව්ව සඳහා මේ වනවිටත් සුදුසුකම් ලබා සිටින මේධානි ජයමාන්න ඊයේ මීටර් 100 ඉසව්වෙන්ද අදාළ තරගාවලිය සඳහා සුදුසුකම් ලැබුවාය. එහිදී සුළෙඟ් ආධාරය ඇතිව තත්පර 11.85ක කාලයක් මීටර් 100 ඉසව්වෙන් වාර්තා කිරීමට මේධානි සමත්වූවාය.
 
 මීට අමතරව මෙම ලෝක ශූරතාවලිය සඳහා මීටර් 800 ඉසව්වෙන් සුදුසුකම් ලබා සිටි ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ ශානික ලක්ෂානි සහ වලල එ්. රත්නායක විද්‍යාලයේ තරුෂි කරුණාරත්න යන දෙදෙනාගෙන් ඊයේ මීටර් 800 සඳහා සහභාගි වූයේ ශානිකා පමණි. මීටර් 800න් දැනටමත් සුදුසුකම් ලබා සිටින හෙයින් මීටර් 400 ඉසව්වෙන්ද සුදුසුකම් ලබා ගැනීමට තරුෂි කරුණාරත්න ඊයේ උත්සාහ කළ ද එය ව්‍යර්ථවී ගියේය.

රීමස් ප‍්‍රනාන්දු
– ඡායාරූප – කමල් වන්නිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment