ලෝක ශුරයෝ දෙවැනි වරටත් පරදිති

1187

ලෝක ශූර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට මෙවර පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවෙනි පරාජයත් උරුම කර දෙමින් තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය ලබා ගැනීමට දකුණු අප‍්‍රිකා කණ්ඩායම ඊයේ( 26 වෙනිදා ) සමත් වූවේය.

තරගයේ කාසියේ වාසිය ජයග‍්‍රහණය කළ දකුණු අප‍්‍රිකා කණ්ඩායම කළ ආරාධනයෙන් පිටියට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දු වාර 20 තුළදී කඩුලූ 8ක් දැවී රැුස් කළ ලකුණු 143 සීමාව කඩුලූ 2ක් පමණක් දැවී පසු කර යාමට දකුණු අප‍්‍රිකා කණ්ඩායම සමත් විය.

සුපිරි කණ්ඩායම් 12 වටය අංක 1 කාණ්ඩයේ යටතේ මෙම තරගය පැවැති අතර දකුණු අප‍්‍රිකා කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ කේශව් මහරාජ් ලකුණු 24කට කඩුලූ 2ක් දවා ගත් අතර ඞ්වේන් ප‍්‍රිටෝරියස් කඩුලූ 3ක් දවා ගත්තේය .

දකුණු අප‍්‍රිකා කණ්ඩායම වෙනුවෙන් රීසා හෙන්ඩි‍්‍රක්ස් ලකුණු 39ක් සහ රාසී වැන්ඩර් ඩුසේන් ලකුණු 43ක් ද ඒඞ්න් මාක‍්‍රම් ලකුණු 51ක්ද ලබා ගත්තේය. ඔවුන් දෙදෙනා එක්ව තුන් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 83ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගීය.

කොදෙව් ඉනිම ශක්තිමක් කළ එවින් ලෙවිස් පන්දු 35කදී ලකුණු 56ක් වාර්තා කළ අතර ඊට හයේ පහර 6ක් සහ හතරේ පහර 3ක් ඇතුළත් විය. කිරාන් පොලාඞ් පන්දු 20කදී ලකුණු 26ක් වාර්තා කළ අතර ලෙන්ඩි සිම්මොන්ස් පන්දු 35කට මුහුණදී ලකුණු 16ක් පමණක් වාර්තා කළේය. කොදෙව් ප‍්‍රහාරකයා කි‍්‍රස් ගේල් ඊයේ දිනයේදී ලකුණු 12කට පිටියෙන් ඉවත් කිරීමට පිටෝරියස් සමත්වි.

මේ අතර දකුණු අප‍්‍රිකා පිලේ කඩුලූ රකින ක‍්‍රීඩක ආරම්භක වමත් පිතිකරු ක්වින්ටන් ඩි කොක් මෙම තරගයට ක‍්‍රීඩා කිරීමෙන් වැළකී සිටියේය. තරගයේ කාසියේ වාසිය උරගා බැලීමට මිනිත්තු කිහිපයකට පෙර පෞද්ගලික හේතුවක් දක්වමින් තමන් තරගයෙන් ඉවත් වන බව ප‍්‍රකාශකර තිබුණි. තරගය ආරම්භ වීමට පෙර දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයින් ක‍්‍රීඩාංගණයේ දන නමා එක් අතක් ඔසවමින් ‘කලූ ජීවිතත් වැදගත්’ හෙවත් වර්ගවාදයට එරෙහිවන බවට අභිනයෙන් දැක්වීමට නියමිතව තිබීමට අකමැත්ත පලකරමින් ඩිකොක් මෙසේ තරගයෙන් ඉවත් වූ බවට වැඩිදුරටත් වාර්තා වේ.

ලෝක ශුරයෝ දෙවැනි වරටත් පරදිති

කුෂාන් සුබසිංහ සාජා සිට…

 

advertistmentadvertistment
advertistmentadvertistment