ලෝක ශූරතා කනිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලියේ අවසන් දිනය අද

333

තරග ඉසව් 44 කින් සැදුම්ලත් වූ කනිෂ්ඨ ශුරතා වයස අවුරුදු 20න් පහළ මලල ක‍්‍රීඩා තරගාවලිය හෙට (22) කෙන්යාවේ නයිරෝබි අගනුවර පිහිටි කසරානි ක‍්‍රීඩාංගනයේදී නිමා කිරීම ට සංවිධායකයින් වන අන්තර්ජාතික මලල ක‍්‍රීඩා සම්මේලනය පියවර ගෙන තිබේ.

මෙවර ක‍්‍රීඩා උළෙලට අයත් අවසන් තරග 14 ක් අද (21) දින පැවැත්වෙන අතර හෙට (22) පැවැත්වෙන අවසන් තරග සංඛ්‍යාවද 14 කි. තරඟ ඉසව් 07 ක අවසන් තරග ඊයේ (20) පැවැත්වුණි.

ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා මීටර් 200 මූලික වටයට ඊයේ (20) පෙරවරුවේ ඉදිරිපත් වුණු මේධානි ජයමාන්න තම පෞද්ගලිකව හොඳම දක්ෂතාවය ප‍්‍රදර්ශනය කරමින් අවසන් පූර්ව වටයට වරම් ලබා ගැනීම එහිදී කැපී පෙනුණි.

ඔලිම්පික් පදක්කම් ලාභීනී සුසන්තිකා ජයසිංහ සහ ආසියානු පදක්කම් ලාභීනි දමයන්ති දර්ශා ගේ අඩි පාරේ යන්නට උත්සාහ ගන්නා මෙම යොවුන් ක‍්‍රීඩිකාව මීටර් 200 ඉසව්වේ දී ප‍්‍රදර්ශනය කළ දක්ෂතාව අනාගත ආයෝජනයක පෙර නිමිති පහළ කළේය.

මූලික වටයේ දෙවන තරගයට දෙවැනි මංතීරුවෙන් සහභාගි වුණු මේධානී ජයමාන්න සිව් වැනි ස්ථානය දිනා ගනිමින් ප‍්‍රදර්ශනය කළ තත්: 24.01 ක තරග නිමි කාලය පදනම්ව අවසන් පූර්ව වටය සුදුසුකම් ලැබීය.

මේධානි ජයමාන්න ඉදිරිපත් වන එම තීරණාත්මක අවසන් පූර්ව තරගය සහ තරුෂි ඞී. කරුණාරත්න සහභාගි වීමට නියමිතව සිටි මීටර් 800 අවසන් පූර්ව තරගය ඊයේ (20) රාත‍්‍රියේ දී පැවැත්වීමට නියමිතව තිබුණි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment