ලෝක ශූරතා මලල ක‍්‍රීඩා සත්කාරකත්වයට ජපානය සහ කෙන්යාව තරගයක

121

වසරේ ලෝක මලල ක‍්‍රීඩා ශූරතා තරගාවලියේ සත්කාරකත්වය තම රටට ලබාදෙන ලෙස කෙන්යාව ද ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.

කෙන්යාව මෙසේ ඉල්ලීම් කර තිබෙන්නේ ජපානය ද සිය අගනුවර වන ටෝකියෝ වෙත එම ක‍්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉල්ලූම් කර තිබියදී වන අතර ඒ අනුව ජපානය සහ කෙන්යාව ඒ සඳහා සීතල තරගයක නිරතව සිටී.

ජපානයේ ටෝකියෝ මෙන්ම කෙන්යාව ද ඒ සඳහා සිය ප‍්‍රධාන අගනගරය වන නයිරෝබි නුවර තෝරාගෙන ඇත.

කෙන්යානු ක‍්‍රීඩා ඇමැති ඇමිනා මොහොමඞ් මහතා ප‍්‍රකාශ කරන්නේ 2017 සහ 2021 වසරේදී සාර්ථක ලෙස ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලි දෙකක් පැවැත්වූ බවයි. එහෙත් ලෝක මලල ක‍්‍රීඩා ජාත්‍යන්තර ශූරතා තරගාවලියක් කවදාවත් අප‍්‍රිකාවට ලබා දී නැති නිසා මේ අවස්ථාව තමන්ට හිමිවනු ඇති බවට විශ්වාස යැයි ද ඒ මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment