ලෝක ශූරයන් හමුවේ දකුණු අප‍්‍රිකාව එකට එක කරයි

202

නවසීලන්තය හමුවේ ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියක් පරාජය නොවීමේ ගෞරවය නවසීලන්තයේ හැග්ලි ඕවල් ක‍්‍රීඩාංගණයේ දී ඊයේ (01 වැනිදා) ආරක්ෂා කර ගැනීමට සමත් වූ දකුණු අප‍්‍රිකාව ඔවුන්ට එරෙහිව පැවැති දෙවන ටෙස්ට් තරගයෙන් 198ක ජයග‍්‍රහණයක් ලබාගැනීමට සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 426ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම ලකුණු 227කට සීමා කිරීමට කාගිසෝ රබාඩා ප‍්‍රමුඛ දකුණු අප‍්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ. රබාඩා, මාකෝ ජැන්සන් සහ කේශව් මහරාජ් කඩුලූ 3 බැගින් දවාගෙන නවසීලන්තය පරාජය කිරීමට සමත් වූ අතර අවසන් දිනය වූ ඊයේ දිනයේ නවසීලන්ත කණ්ඩායමේ කඩුලූ හයක් ලකුණු 66කට බිඳ දැමීමට ඔවුහු සමත් වූහ.

තරග දෙකකින් යුත් තරගාවලියේ පළමු තරගය නවසීලන්තය ඉනිමකින් සහ ලකුණු 277කින් ජයග‍්‍රහණය කළ අතර කාගිසෝ රබාඩා තරගයේ වීරයා ලෙස ද නවසීලන්තයේ මැට් හෙන්රි තරගාවලියේ වීරයා ලෙස ද සම්මාන ලැබූහ.

ලකුණු සාරාංශය

දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම

364/10 සරෙල් අර්ව් 108

නීල් වැග්නර් 102/4

නවසීලන්තය පළමු ඉනිම

293/10 කොලින් ඞී ග‍්‍රෑන්ඞ්හෝම් 120

කාගිසෝ රබාඩා 60/5

දකුණු අප‍්‍රිකාව දෙවෙනි ඉනිම

354/9 කයිල් වෙරීන් 136

මැට් හෙන්රි 81/2

නවසීලන්තය දෙවනි ඉනිම

227/10

ඩෙවොන් කොන්වේ 92

කාගිසෝ රබාඩා 46/3

advertistmentadvertistment
advertistmentadvertistment