ලෝක ශූරයෝ ශූර ලෙස වැඩ අරඹති

500

වත්මන් ලෝක ශූර ප්‍රංශය සහ ඔස්ටේ්‍රලියාව අතර ඊයේ (23 වැනිදා) අලුයම පැවැති තරගයේදී ගෝල 4-1 ක් ලෙස තරගය ජය ගනිමින් මෙවර තරගාවලිය සඳහා සාර්ථක ප්‍රවේශයක් ලබා ගැනීමට ප්‍රංශය සමත් විය.

මෙවර තරගාවලියේ ඩී කාණ්ඩය යටතේ පැවැති එම තරගයේදී ප්‍රංශ ක්‍රීඩක ඔලිවියර් ග්‍රවුඩ් ගෝල දෙකක් වාර්තා කළ අතර ඒ සමගම ප්‍රංශය වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා බවට ද සම තැන් ගැනීමට සමත් ඔලිවියර් ග්‍රවුඩ් සමත් වූයේය.

ලෝක ශූරයෝ ශූර ලෙස වැඩ අරඹති

ලෝක ශූර ප්‍රංශය වෙනුවෙන් මේ වනවිට වැඩිම ජාත්‍යන්තර ගෝල ලාභීන් ලෙස ඔහු සමග සමතැන් ගෙන සිටින්නේ තියරේ හෙන්රිය. ඔවුන් දෙදෙනා එරට වෙනුවෙන් ගෝල 51 ක් බැගින් ලබා ගෙන සිටිති.

ඊයේ තරගයේදී ප්‍රංශය වෙනුවෙන් තවත් ගෝල දෙකක් වාර්තා විය. ඒ කයිලාන් බැප්පේ සහ ඒඩි්‍රයන් රේඩියොට් ය. ගෝල් රැස් කිරීමේ ආරම්භය ඔස්ටේ්‍රලියාවෙන් වාර්තා වුවද එය 9 වැනි මිනිත්තුවට පමණක් සීමා විය. අවසානයේ ප්‍රංශය 4-1 ක් ලෙස පෙරමුණ ගත්තේය.

එංගලන්ත නායකයාට ස්කෑන් පරීක්‍ෂණයක්

ලෝක ශූරයෝ ශූර ලෙස වැඩ අරඹති

එංගලන්ත පාපන්දු කණ්ඩායමේ නායක හැරී කේන් ඉරානය සමග පැවැති තරගයේදී ආබාධයට ලක් විය. එම තගරයේ දෙවැනි අර්ධය ආරම්භයේදී වළලුකරේ ආබාධයක් හේතුවෙන් ඔහු ක්‍රීඩා පිටියෙන් ඉවත් වූයේය. එම සම්බන්ධයෙන් ඔහුව ස්කෑන් පරීක්‍ෂණයක් සඳහා යොමු කිරීමට නියමිතය. එංගලන්ත සහභාගි වන මීළඟ තරගය හෙට ඇමෙරිකාව සමග පැවැත්වේ. ඉරානයට එරෙහිව එංගලන්තය 6-2 ක් ලෙස ජය ගත්තේය.

සව්දිය පුරන්නට සෞදියට නිවාඩු

ලෝක ශූරයෝ ශූර ලෙස වැඩ අරඹති

මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ආර්ජන්ටිනාව පරදා පෙරේදා (22 වැනිදා) ලද ජය සැමරීම පිණිස සවුදි රාජ්‍යය ඊයේ (23 වැනිදා) නිවාඩු දිනයක් ලෙස නම් කළේය.

එක දිගට ජාත්‍යන්තර තරග 36 ක් ජයග්‍රහණය කර තබා තිබූ ආජන්ටිනා වාර්තාව ද ඒ සමගම බිඳ වැටුණි. එසේම ආර්ජන්ටිනාව සෞදි අරාබිය හමුවේ පරාජය වූ පළමු තරගය ද එය ලෙස ඉතිහාසයට එක් වේ.

තරග තුනක් ගෝල් නැහැ විසඳුම් නැහැ

තරගාවලියේ ඩී සහ සී කාණ්ඩය යටතේ පැවැති තරග දෙකක් පෙරේදා ජය පරාජයෙන් තොරව අවසන් විය. එම තරග දෙක පැවැතියේ ඩී කාණ්ඩය යටතේ ඩෙන්මාර්කය සහ ටියුනීසියාව අතරත් සී කාණ්ඩය යටතේ මෙක්සිකෝව සහ පෝලන්තය අතරත්ය.

එම තරග දෙකේදීම කණ්ඩායම් හතරේම කිසිදු ක්‍රීඩකයෙකුට ගෝලයක් වාර්තා කර ගැනීමට නොහැකි විය. ඊයේ (23 දා) මොරොක්කොව සහ ක්‍රොඒෂියා අතර තරගයද ජය පැරදුමෙන් තොරව අවසන් විය. එම තරගයේදී ද කණ්ඩායම් දෙකේම කිසිදු ක්‍රීඩකයකුට ගෝල් වාර්තා කිරීමට අවස්ථාවක් ලැබුණේ නැත.්

advertistmentadvertistment
advertistmentadvertistment