ලෝක ශූර ඉන්දීය ක්‍රිකට් පිලට කෝටි 125ක් තෑගි

18

20-20 ලෝක කුසලානය දිනූ ඉන්දීය ක්‍රිකට් පිලට, ඉන්දීය රුපියල් කෝටි 125ක් පිරිනමන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර ඇත.

රෝහිත් ශර්මාගේ නායකත්වය යටතේ ඉන්දීය පිල සුවිශේෂී ජයග්‍රහණයක් ලැබූ බව, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ. ෂා මහතා නිවේදනය කර සිටී.

ඉකුත් 29 වැනිදා ඉන්දීය පිල දකුණු අප්‍රිකාව පරදවා 20-20 ලෝක කුසලානය ජයග්‍රහණය කරනු ලැබීය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment