ලෝක සංචාරක දිනය අද

387

ලෝක සංචාරක දිනය අදට (27) යෙදී ඇත. අන්තර්කරණීය වර්ධනයක් උදෙසා සංචාරක කර්මාන්තය, යන මැයෙන් වූ කාලීන තේමාවකට අනුව මෙවර ලෝක සංදාරක දිනය සැමරේ.

වසංගත තත්ත්වය හමුවේ වුවද ඊට මුහුණ දෙමින් රටක් ලෙස ඉදිරියට යාමේ අභිප්‍රාය අප වෙතින් කිසි ලෙසකත් ගිලිහී නැති අතර ලොව තිරසර ඉලක්කයන්ට ද ගැලපෙන පරිදි පරිසර හා සංස්කෘතික හිතකාමී සංචාරක කර්මාන්තයක් ගොඩනැගීම රජයේ අරමුණයි බව ඒ නිමිත්තෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.

මෙරට සංචාරය සඳහා පැමිණෙන ආගන්තුක සැම වෙනුවෙන් ආරක්ෂිත හා සුවදායී සංචාරක අත්දැකීමක් ලබාදීම ශ්‍රී ලාංකික අපගේ අපේක්ෂාව බව එමගින් අගමැති වැඩිදුරටත් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment