ලෝක සමුළුවේ දේශනයකට ගිය මිෂෙල්

363

සුදු ඇදඟෙන කළු ඇවිදින් හි අයෝමා, පොදු සීසන් 2 හි දුෂී, කැන්යූ හියර් මී හි මහීමි, පෝර්ක් වීදියේ හි චෙනුගි ලෙසින් පසුගිය කාලය පුරාවට ඔබ හමුවට ආ මිෂෙල් දිල්හාරා මේ දිනවල ලෝකා හි නව්‍යා ලෙසින්ද ඔබ හමුවට පැමිණෙනවා. හැබැයි අපි අද කියන්න හදන්නේ ඇගේ රංගනයෙන් එපිටට ගිය වෙනස්ම කතාවක්. මිෂෙල් දිල්හාරා පසුගියදා ලෝක සමුළුවකට සහභාගි වුණා. ඇත්තටම මේ අවස්ථාව නිළියකට කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. ඒ නිසාම අපි මිෂෙල්ගෙන් ඒ ගැන විමසුවා.

● මිෂෙල් සහභාගි වුණ ලෝක සමුළුව මොකක්ද?

ICSE 4 වැනි ලෝක සමුළුවට තමයි සහභාගි වුණේ. මේ සමුළුව ඉන්දියාවේ නවදිල්ලි නුවරදී තමයි පැවැත්වුණේ.

● කොහොමද මේ ආරාධනාව ලැබුණේ ?

මම පහුගිය අවුරුදු හතර තුළ විශ්වවිද්‍යාලවල, පාසල්වල සහ ජාත්‍යන්තරව පරිසර සාක්ෂරතාව දේශගුණික වෙනස්වීම්, ගෝලීය උෂ්ණත්වය සහ Net Zero ගැන ප්‍රායෝගික සහ online වැඩසටහන් 200කට අධික ප්‍රමාණයක් පැවැත්වූවා. ඒ හරහා තමයි මට ඉන්දියාවෙන් මේ සමුළුවට ආරාධනාවක් ලැබුණේ.

ලෝක සමුළුවේ දේශනයකට ගිය මිෂෙල්

● රටවල් කීයක් මේ සඳහා සහභාගි වුණාද?

USA, France, Switzerland, Maldives, Denmark, Netherland ඇතුළු රටවල් පනහක නියෝජිතයන් මේ සඳහා සහභාගි වුණා.

● මිෂෙල්ටද මෙහි දී දේශනයක් පවත්වන්න අවස්ථාව උදා වුණා නේද?

ඔව්… මටත් දේශනයක් පැවැත්වීමට ආරාධනාවක් ලැබුණා.

● මොකක්ද ඔබ පවත්වපු දේශනය?

පරිසර සාක්ෂරතාවය සහ තිරසාර අධ්‍යාපනය යන මාතෘකාව යටතේ දේශනය පැවැත්වූවා.

● ඔබේ දේශනයට ලැබුණේ මොනවගේ ප්‍රතිචාරද?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා.

● ඇත්තටම ඔබ මේ සමුළුවට සහභාගි වීමේ අරමුණ කුමක්ද?

ලෝක සමුළුවේ දේශනයකට ගිය මිෂෙල්
ලෝක සමුළුවේ දේශනයකට ගිය මිෂෙල්

අද ලෝකයේ ඇතිවෙලා තියෙන ලොකුම පාරිසරික ගැටලු තමයි දේශගුණික වෙනස්වීම්, ගෝලීය උෂ්ණත්වය සහ වායු දූෂණය වැඩි වීම. අද වෙනකොට වායු දූෂණය නිසා මරණයට පත්වෙන සංඛ්‍යාව මිලියන 7ක්. මේ අගය දළ වශයෙන් ලෝක ජනගහනයෙන් 10%ක්. කාලගුණ විපර්යාස නිසා ලෝකයේ අවුරුද්දකට ඇතිවෙන ආර්ථික පාඩුව ඩොලර් ට්‍රිලියන 1.3 ක්. ඒ නිසා මේ ගැටලු ගැන තරුණ පරම්පරාව දැනුවත් කරලා, ෆොසිල් ඉන්ධන නැති, පරිසර හිතකාමී නව නිර්මාණ බිහි කරන්න අවශ්‍ය දැනුම මේ සමුළුවලින් ලංකාවට ගේන්න උත්සාහ කරනවා.

● ගුවන්තොටුපොළේ දී තව පොඩ්ඩෙන් මිෂෙල්ට මේ සමුළුවට සහභාගිවීමේ අවස්ථාව අහිමි වෙනවා නේද?

ඔව්…. මේ සමුළුවට මම ඉන්දියාවට යන ticket එක book කරලා තිබුණේ ඒ සමුළුව සංවිධානය කරපු ආයතනයෙන්. නමුත් ticket එක ගත්ත agency එකෙන් මේ සමුළුව සංවිධානය කරපු අයට යවලා තිබිච්ච e-mail එක තාක්ෂණ ගැටලුවක් නිසා සමුළුව සංවිධානය කරපු අය අතින් අස්ථානගතවීමෙන්, එදා මම යන්න හිටපු flight එක cancel වෙලා කියන පණිවුඩය මට දැනගන්න ලැබුණේ නෑ. මම airport එකට ගියාට පස්සේ තමයි දැනගත්තේ මම යන්න හිටපු Sri Lankan Airlines flight එක පහුවෙනි දවසට reschedule වෙලා කියලා.

● ඇත්තටම කවුද ඔබට ඒ වෙලාවේ උදව් කළේ ?

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමසිරි විතාන මහතාත්, Sri Lankan Airlines ආයතනයේ වෙළෙඳ සහ පාරිභෝගික අංශයේ කටයුතු කරන නිරාන් සෙනෙවිරත්න මහතාත්, Airport Duty Manager නිශාන්ති මහත්මියත් එකතු වෙලා මට Mumbai හරහා New Delhi වලට යන්න වෙන flight එකක් ඒ වෙලාවෙම ලෑස්ති කරලා දුන්නා. ඒ විතරක් නෙමෙයි, Mumbai immigration එකටත් එයාලා කතා කරලා එතැනදීත් අපහසුතාවයක් නැතුව නවදිල්ලියට යන්න අවශ්‍ය පහසුකම් Mumbai Airport එකේදීත් සලසලා තිබුණා. Sri Lankan Airlines කාර්ය මණ්ඩලයත් ගොඩක් සුහදශීලීව මාව පිළිගත්තා.

ලෝක සමුළුවේ දේශනයකට ගිය මිෂෙල්

● සමුළුව නියෝජනය කළාට පස්සේ කවද්ද ලංකාවට ආවේ?

මම ලංකාවට ආවේ පසුගිය දහතුන් වැනිදා.

● මේක ලංකාවේ නිළියකට කලාතුරකින් ලැබුණු අවස්ථාවක් මොකද ඒ ගැන හිතන්නේ?

ගොඩක් සතුටුයි මට මේ සමුළුවට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. මේ සමුළුවට රටවල් 50 කින් සහභාගි වුණු නියෝජිතයන් සාකච්ඡා කරපු කරුණුවලින් මම ලබා ගත්ත දැනුම අපේ රටේ විශ්වවිද්‍යාලවල සහ පාසල්වලට මම ලබා දෙන්න උත්සාහ කරනවා.

● දැන් රඟපෑමෙන් ඈත්වෙලාද?

නෑ. මම මේ දිනවල ITN නාලිකාවේ විකාශනය වෙන ‘ලෝකා’ ටෙලිනාට්‍යයේ නව්‍යාගේ චරිතය නිරූපණය කරනවා. ඒ ඇරුණහම අලුත් නාට්‍යය තුනක රූගත කිරීම් කරගෙන යනවා.

● ලෝකට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ‘ලෝකා’ නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ ශිවගුරුනාදන් සර්.

● ඔබේ සමාජ සේවා වැඩකටයුතුවලට මොකද වුණේ?

මම තාමත් ඒ වැඩකටයුතු කරගෙන යනවා. මේ ළඟදීත් අත්‍යවශ්‍ය පවුල් සඳහා හාල් ටොන් එකක් ලබා දුන්නා. ඒ වගේම වැඩිහිටි නිවාස සඳහා වියළි ආහාර ලබාදෙන ව්‍යාපෘතියක්
සාර්ථකව කරගෙන යනවා.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment