ලෝක සෞඛ්‍ය ප්‍රධානී ජනපතිට සුභ පතා තෑගි දෙයි

298


ශ්‍රී ලාංකේය ජනතාවගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 04ක් වටිනා අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රෝස් අදානම් ගෙබ්‍රීසියස් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් සඳහන් කරයි.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම නිමිත්තෙන් සුබපැතුම් පිළිගන්වමින් මෙම පණිවුඩය යොමු කර ඇත.
ලංකාවට ලබාදෙන අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් සම්බන්ධයෙන් ප්‍රසම්පාදන කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර බෙදා හැරීම් සිදු කෙරෙන දින සහ නාම ලේඛන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය මගින් ප්‍රසිද්ධ කරනු ඇති බව ද එම පණිවුඩයේ සඳහන් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment