ලෝක හමුදා ස්නයිපර් වෙඩි තැබීමේ තරගයෙන් ශ‍්‍රී ලංකාව 7 වැනි ස්ථානයට

294

රුසියානු හමුදාව මගින් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර ලෝක හමුදා ස්නයිපර් වෙඩි තැබීමේ – 2021 තරගාවලිය 2021-08-18 දින සිට 2021-09-04 දක්වා බෙලරූස් රාජ්‍යයේදි පැවැත්වුණි. ඒ සදහා රටවල් 15ක් සහාභාගි වූ අතර එහිදී ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සහාභාගි වූ ශ‍්‍රී ලංකා යුද හමුදා ස්නයිපර් කණ්ඩායම ඉන්දියා, පකිස්තාන ස්නයිපර් කණ්ඩා‍යම් අභිබවමින් 7 වන ස්ථානය ලබා ගැනීමට සමත් වී ඇත. ශ‍්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් තරගාවලියට සහභාගී වූ ලූ‍තිනන් කර්නල් මූණගමගේ, මේජ්ර් ගංගනාත්, මේජ්ර් හෙට්ටිආරච්චි, මේජර් ආරියරත්න, බොම්බඩි‍යර් චන්දන, කෝප‍්‍රල් ලක්මාල්, ලාන්ස් කෝප‍්‍රල් කුමාර, ලාන්ස් කෝප‍්‍රල් රත්නායක යන තරගකරුවන් ඡුායාරූපයේ වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment