ලෝක හෙවිවේට් බොක්සිං ශුරතාව ඔලෙක්සෙන්ඩර් දිනයි

397

බි‍්‍රතාන්‍යයේ ඇන්තනි ජොසුවා පරාජයට පත් කරමින් ලෝක හෙවිවේට් බොක්සිං ශූරතාව දිනා ගැනීමට යුක්රේනයේ ඔලෙක්සෙන්ඩර් උසයික් සමත්විය. වොට්ටන්හැම් හොට්ස්පර් කී‍්‍රඩාංගණයේදී පැවැති අදාළ තරගයේ දප පරාජයත් සමගින් සිය බොක්සිං දිවියේ ලද දෙවැනි පරාජය අත් විඳීමට ඇන්තනී ජොසුවාට සිදුවිය.

තරග වට 12කින් සමන්විත වූ තරගයේදී පිළිවෙලින් 117-112ක්, 116-112ක් සහ 115-113ක් ලෙස විනිදුසුරු මඩුල්ල ඉදිරියේ ලකුණු වාර්තා කිරීමට ඔලෙක්සේන්ඩර් සමත්විය. කෙසේ වෙතත් තරගයේ 09 වැනි වටයේදී ඔලෙක්සෙන්ඩර් විසින් එල්ල කරන ලද පහරකින් ඇන්තිනී ජොසුවාගේ ඇසකට පවා හානි සිදු වී අති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

ඔලෙක්සෙන්ඩර් උසයික් 34 වැනි වියේ පසුවන අතර ඇන්තනී ජොසුවා 31 වැනි වියේ පසුවේ.

advertistmentadvertistment
advertistmentadvertistment